Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

කිලිනොච්චියේ කායික වශයෙන් ශක්තිමත්ම බලඇණි තේරීමේ තරඟයකින් අනතුරුව ත්‍යාග ප්‍රදානය කෙරේ

කිලිනොච්චි ප්‍රදේශයේ සේවය නියුතු යුද්ධ හමුදා සාමාජිකයන්ගේ ශාරීරික ශක්තිමත්භාවය පරීක්‍ෂා කිරීම සඳහා නව තරඟයක් බදාදා (17) දින පරවිපන්චාන් මහජන ක්‍රීඩාංගණයේ දී පවත්වන ලද අතර, ඒ සඳහා සේනාංක මට්ටමින් බලඇණි 34 ක් තරඟ කරනු ලැබීය.

කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන ගේ සංකල්පයකට අනුව පැවැත් වූ මෙම “හර්කියුලියන්” (Herculean Competition) තරඟය සදහා සහාභාගිවූ බලඇණි අතුරින්, ක්‍රියා විරහිත කළ ට්‍රක් රථයක් තල්ලු කිරීම, ජල කෑන් 25 ක් (එක් කෑනයක ලීටර් 20) සහ වැලි කොට්ට 25 ක් (එක් වැලි කොට්ටයක කිලෝ 20) රැගෙනයාම, ට්‍රැක්ටර් ටයර් පෙරළමින් ඉදිරියටයාම (මීටර් 100 ක දුරක්), උරහිස් මත සාමාජිකයන් 4 ක් රැගෙනයාම සහ මීටර් 100 සහාය දිවීම යන ඉසව්වලදී දක්‍ෂ ලෙස තරඟ කළ  බලඇණි 7 ක් අවසන් වටයේ තරඟ සඳහා තෝරාගන්නා ලදි.

අවසානයේ 11 වන ගජබා රෙජිමේන්තු කණ්ඩායම විසින් ලකුණු 8.974 ලබාගනිමින් ශුරතාවය දිනාගත් අතර, 20 වන ශ්‍රී ලංකා පාබල හමුදා කණ්ඩායම විසින් ලකුණු 7.601 ලබාගනිමින් අනුශුරතාවය දිනාගැනීමට සමත් විය.

මෙම තරඟාවලිය අවසානයේ පැවති කෙටි උත්සවය සඳහා මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන විසින් ජයග්‍රහකයින් වෙත කුසලාන සහ සහතිකපත් ප්‍රදානය කළ අතර, 57 වන සේනාංකයේ සහ 66 වන සේනාංකයේ සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහ යුද්ධ හමුදා සාමාජිකයින් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.buy footwear | Nike Shoes