Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

27th February 2018 20:58:55 Hours

කිලිනොච්චි ‘කියෝෂි රියු බුඩෝ (Kiyoshi Ryu Budo)’ ආත්මාරක්‍ෂක සටන් කලාව හැදෑරු සෙනින් හට සහතික පත් ප්‍රදානය කරයි

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 57, 65 සහ 66 සේනාංකයන්හි 432 ක භට පිරිසක් සඳහා පවත්වන ලද ‘කියෝෂි රියු බුඩෝ (Kiyoshi Ryu Budo)’ ආත්මාරක්‍ෂක සටන් කලා පාඨමාලා අංක 2 සහ 3 හැදෑරුවන් හට සහතික පත් හා තිළිණ ප්‍රදානය 57 වන සේනාංක මුලස්ථානයේ දි මෑතකදි පවත්වන ලදී.

2017 දෙසැම්බර් මස 23 වන දින ආරම්භ වු පාඨමාලා අංක 02 ලෝක කරාතේ බුඩෝ සම්මේලනයේ ශ්‍රී ලංකා ශාඛාවේ උපදෙස් මත අධියර 04 ක් යටතේ පවත්වන ලදි. ඒ සඳහා 57 වන සේනාංකය නියෝජනය කරමින් සෙබළුන් 166 ක් ද, 65 සහ 66 වන සේනාංකයන් නියෝජනය කරමින් සෙබළුන් 66 කු ද සහභාගි වු අතර ඔවුන් කොළ පැහැති බඳ පටිය පැලැදිමට සුදුසුකම් ලබන ලදී. එසේම ලෝක කරාතේ බුඩෝ සම්මේලනයේ ප්‍රධාන උපදේශක සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කරාතේ සංගමයේ ප්‍රධාන උපදේශක ක්ලේමන්ට් ද සොයිසා මහතාගේ උපදෙස් මත පවත්වන ලද පාඨමාලා අංක 03 සඳහා 57 සහ 65 වන සේනාංකයන් නියෝජනය කරමින් සෙබළුන් 200 කු සහභාගි වු අතර ඔවුන් කහ පැහැති බඳ පටිය පැලැදිමට සුදුසුකම් ලැබුහ.

කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් නියෝජනය කරමින් 571 වන බලසේනාංකයේ බලසේනාධිපති කර්නල් රෝහිත අළුවිහාරේ මෙම සහතික පත් හා තිළිණ ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වු අතර, සහතික පත්, කොළ පටි සහ කහ පටි හිමිකරගත් අයවළුන් වෙත පිරිනැමුහ. පාඨමාලාවේ ප්‍රධාන උපදේශකතුමා ඇතුළු අනෙකුත් උපදේශකවරුන් වෙත විශේෂ තිළිණ පිළිගැන්විම ද මෙහිදි සිදුකරන ලදී.

Best jordan Sneakers | Nike