Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th February 2018 18:18:55 Hours

කිලිනොච්චි සිසුන්ට ඉතිරිකිරීමේ ගිණුම් පොත් සහ පාසල් උපකරණ පරිත්‍යාගයක්

කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන ගේ මඟපෙන්වීම මත එම ආරක්ෂක සේනා මූලස්ථානය විසින් කිලිනොච්චි දිස්ත්‍රික්කයේ අඩු ආදයම්ලාභි පවුල්වල පාසල් සිසුන් 300 ක් සඳහා නව බැංකු ගිණුම් විවෘත කරදිමේ සහ පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ උත්සවයක් සෙනසුරාදා (17) දින කිලිනොච්චි නෙළුම්පියස ශ්‍රවණාගාරයේ දී පවත්වනු ලැබීය.

කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපතිතුමන්ගේ ඉල්ලීමකට අනුව කොළඹ මහජන බැංකු ප්‍රධාන ශාඛාවේ සහ බෞද්ධ සංගමයේ ප්‍රධාන ලේකම් ප්‍රිතී කොළොන්නගේ මහතා ඇතුළු අනෙකුත් සාමාජිකයින්ගේ අනුග්‍රාහකත්වය ඇතිව මෙම පරිත්‍යාග සිදු කරනු ලැබීය.

එහිදි කිලිනොච්චි ප්‍රදේශයේ පාසල් සිසුන් 300 දෙනෙකු වෙනුවෙන් අභ්‍යාස පොත්, චිත්‍ර‍පොත්, ගණිතමය උපකරණ, පාසල් බෑග්, පාවහන් ඇතුළු අනෙකුත් අත්‍යවශ්‍ය ලිපි ද්‍රව්‍ය තොගයක් පරිත්‍යාග කරන ලදි.

එදිනම තවත් පූණ්‍යාධාර වැඩසටහනක් ලෙස මෙම සිසුන් 300 දෙනා වෙනුවෙන් ‘සිසු උදාන’ බැංකු ගිණුම් ද විවෘත කරනු ලැබීය.

පාසල් සිසුන් සඳහා ‘සිසු උදාන’ බැංකු ගිණුම් විවෘත කිරීමට කිලිනොච්චි ගුරු හාඩ්වෙයාර් ආයතන ප්‍රධානි සහ කිලිනොච්චි මහජන බැංකුවේ කළමණාකාරතුමන්ගේ පූර්ණ අනුග්‍රහය හිමිවිය.

මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති සමඟින් කොළඹ මහජන බැංකු ප්‍රධාන ශාඛාවේ සහ බෞද්ධ සංගමයේ ප්‍රධාන ලේකම් ප්‍රිතී කොළොන්නගේ මහතා ද සහභාගි වූහ.

මෙම අවස්ථාව සඳහා 65 වන සේනාංකායේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සරත් වීරවර්ධන, මහජන බැංකු බෞද්ධ සංගමයේ භාණ්ඩාගාරික ලහිරු සෙනරත් මහතා, එහි කමිටු සමාජිකයින් වන ප්‍රවීන් මහේෂ් මහතා සහ රයන් සම්පත් මහතා, ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරින්, පාසල් ගුරුවරුන්, සිසුන් සහ දෙමාපියන් රැසක් ද එක්ව සිටියහ.

Running sport media | NIKE AIR HUARACHE