Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

කිලිනොච්චි සිවිල් හා හමුදා පාපන්දු තරඟාවලිය

සිවිල් හා යුද හමුදා පාපන්දු ක්‍රීඩකයින් සහභාගීත්වයෙන් පැවැත් වූ කිලිනොච්චි ආරක්ෂක සේනා අභියෝගතා පාපන්දු තරඟාවලිය සඳුදා (06) දින කිලිනොච්චි, පරවිපන්චන් මහජන ක්‍රීඩාංගණයේ දී අවසන් විය.

ආරක්ෂක සේනා සහ සිවිල් වැසියන් අතර, සංහිඳියාව සහ හොඳ හිත වර්ධනය කිරිමේ අරමුණින් පැවැත් වූ මෙම තරඟාවලිය සඳහා සිවිල් කණ්ඩායම් 06 ක් සහභාගි වූහ. ‘ජොලි බොයිස්’ ක්‍රීඩා සමාජය හා උතයතරගේයි ක්‍රීඩා සමාජය අතර පැවැත් වු මෙහි අවසන් තරඟයේ දී ලකුණු 2 – 0 ලෙස උතයතරගේයි ක්‍රීඩා සමාජය වෙත ජයග්‍රහණය හිමිවිය.

මෙම අවස්ථාව නැරඹිම සඳහා විශාල පිරිසක් එක්ව සිටි අතර, මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන සහභාගි විය.

යුද හමුදා අංශයේ අවසන් තරඟය 1 වන ගජබා රෙජිමේන්තු සහ 10 වන ශ්‍රී ලංකා පාබල හමුදා කණ්ඩායම අතර පැවැත්විය. එහිදි ලකුණු 4 – 0 ක් ලෙස 1 වන ගජබා රෙජිමේන්තුව වෙත ජයග්‍රහණය හිමිවයි.

මෙම තරඟාවලියේ ශුරතා සහ අනුශුරතා හිමිකර ගත් කණ්ඩායම් වෙත කුසලාන සහ සහතික පත් ප්‍රදානය කිරීම කිලිනොච්චි ආඥාපති ඇතුලු අනෙකුත් ආරාධිතයින් වෙතින් සිදු කෙරිනි. 65 වන සේනාංකයේ සේනාංකාධිපති, බලසේනාධිපතිවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන්, සෙසු නිලයින් සහ සිවිල් වැසියන් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියයහ.

latest Nike Sneakers | Nike