Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

කිලිනොච්චි භටපිරිස්හි මූලිකත්වයෙන් මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනි සිටින සිසුන්ට පෙරහුරු ආදර්ශ ප්‍රශ්න පත්‍ර සහ සම්මන්ත්‍රණ පවත්වයි

කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජි.වී රවිප්‍රිය 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් බී.පී.එස්. ද සිල්වා සහ 571, 572, 573 හා 574 වන බලසේනාවන්හි බලසේනාධිපතිවරුන් සමඟ සම්බන්ධීකරණයෙන් 2019 දෙසැම්බර් මස පැවැත්වීමට නියමිත අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනීසිටින සිසුන් වෙනුවෙන් සම්මන්ත්‍රණ මාලාවක් පවත්වනු ලැබීය.

ඒ අනුව, 571 සහ 574 වන බලසේනාවන් විසින් නොවැම්බර් මස 7 වන දින නෙළුම් පියස ශ්‍රවණාගාරයේදී සංවිධානය කරන ලද සම්මන්ත්‍රණයක් සඳහා ප්‍රදේශයේ මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනිසිටින සිසුන් 105 දෙනෙකු සහභාගී වූහ. මේ අතර, 572 වන බලසේනාව විසින් පිරමන්තල් ආරු විද්‍යාලයේදී සහ ධර්මපූරම් මහා විද්‍යාලයේදී සම්මන්ත්‍රණ 2 ක් සංවිධානය කළ අතර ඒ සඳහා සිසුන් 167 දෙනෙකු සහභාගි වූහ.

මීට සමගාමීව, 573 වන බලසේනාව විසින් නවා ජීවනාම් මෙතෝදිස්ත දේවස්ථානයේ සහයෝගය ඇතිව නොවැම්බර් මස 9 වන දින කිලිනොච්චි උපයෝගිතා මධ්‍යස්ථානයේදී ප්‍රදේශයේ සිසුන් 100 දෙනෙකු සඳහා සම්මන්ත්‍රණ මාලාවක් සංවිධානය කළහ. මෙම සම්මන්ත්‍රණවලදී ඉංග්‍රීසි, ගණිතය, විද්‍යාව, නැටුම්, කලා සහ ඉතිහාසය වැනි ඉතා වැදගත් විෂයයන් පිළිබඳ සාකච්ඡා කෙරිණි. එම විෂයධාරාවන් ආවර්ණය කරමින් සංවිධායකයින් විසින් ආදර්ශ ප්‍රශ්න පත්‍ර සහ අත්පත්‍රිකා සහභාගි වූ සිසුන් වෙත ලබාදුන්හ. තවද, සහභාගී වූ සිසුන් වෙත නොමිලේ කෙටි ආහාර, දිවා ආහාර සහ ප්‍රවාහන පහසුකම් ලබාදුන්හ.

කිලිනොච්චි කලාප අධ්‍යාපන කාර්යාලයේ සහය ඇතිව සංවිධානය කරනු ලැබූ මෙම සම්මන්ත්‍රණ සැසි එම බලසේනාවන්හි බලසේනාධිපතිවරුන් සහ ඒකක අණදෙන නිලධාරීන්ගේ අධීක්‍ෂණය යටතේ පැවැත්විණි. Adidas footwear | Zapatillas de running Nike - Mujer