Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th September 2018 14:00:41 Hours

කිලිනොච්චි භට පිරිස් ‘නිරෝගිමත් පරිසර හිතකාමී අවිහිංසාවාදි සාධාරණ සමාජයක්’ පිළිබඳ දැනුවත් කෙරේ

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් වෙනුවෙන් පවත්වනු ලබන පුහුණු වැඩසටහනේ එක් අදියරක් ලෙස ‘නිරෝගිමත් පරිසර හිතකාමී අවිහිංසාවාදි සාධාරණ සමාජයක්’ යන තේමාව ඔස්සේ දැනුවත් කිරීමේ දේශනයක් ඉරිදා (16) දින නෙළුම්පියස ශ්‍රවණාගාරයේ දී පවත්වනු ලැබීය.

මෙම දේශනය සඳහා කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු නිලධාරින් 55 ක්, සෙසුනිලයින් 945 ක් සහ සිවිල් කාර්යමණ්ඩලයේ සාමාජිකයින් 100 ක් පමණ සහභාගි වු අතර දේශනය Dharma Voice for Animal Society සංවිධානයේ නිහාල් විජේරත්න මහතා විසින් මෙහෙයවනු ලැබීය.

මෙම දැනුවත් කිරීමේ දේශනය 65 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් වසන්ත කුමාරප්පෙරුම ගේ උපදෙස් මත 652 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් වන්දිත මාහින්කන්ද ගේ අධීක්‍ෂණය යටතේ පවත්වනු ලැබීය. Nike Sneakers Store | Nike nike dunk high supreme polka dot background , Gov