Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

04th June 2018 15:20:15 Hours

කිලිනොච්චි භට පිරිස් දමිළ කාන්තා සෙබළියන්ගේ පියාණන්ගේ අවමංගල්‍යය සඳහා සහාය වේ

කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ධර්මපුරම්, තම්බිරාසපුරම්, උල්ළුඑන්පුම් හි වෙසෙන දමිළ කාන්තා සෙබළියන් දෙදෙනෙකුගේ ආදරණීය පියාණන් ඩෙංගු රෝගය වැළදීම හේතුවෙන් සිකුරාදා (1) දින හදිසියේ අභාවප්‍රාප්ත වූ අතර කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංකයේ භට පිරිස් සහ 6 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ භට පිරිස් විසින් එම අවමංගල්‍යය සඳහා සහාය දැක්වුහ.

කේ. කෞෂල්‍යයා සහ කේ. නිශාන්තනි යන සහෝදර සෙබළියන් දෙදෙනා 2013 වර්ෂයේ දී ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙත බැදුණු අතර, ඔවුන්ගේ ආදරණීය පියාණන් වන කේ.කෝවින්දරාසා මහතා ඩෙංගු උණ රෝගය වැළදීම හේතුවෙන් කිලිනොච්චි මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියහ.

නර්තන හැකියාවන්ගෙන් පරිපුර්ණ හා දක්‍ෂ මෙම කාන්තා සෙබළියන් දෙදෙනා ‘සත්රංගා’ සංස්කෘතික නර්තන කණ්ඩායමේ සාමාජිකාවන් වන අතර 48 හැවිරිදි සිය පියාණන්ගේ හදිසි අභාවය හේතුවෙන් ඉතා කම්පනයට පත් වු අතර අවමංගල්‍යය සඳහා ඒකක අණදෙන නිලධාරීනි සහ තම සහෝදර සෙබළියන්ගේ සහයෝගය නොමඳව ලබාදෙනු ලදී.

57 වන සේනාංකාධිපති සහ 572, 573 බලසේනාවන්හි බලසේනාධිපතිවරුන් සහ අණදෙන නිලධාරින් ගේ උපදෙස් පරිදි 57 වන සේනාංකය යටතේ ස්ථාපිත 6 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, 6 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය සහ 14 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භට පිරිස් විසින් සිය පියාගේ හදිසි අභාවය හේතුවෙන් ශෝකයට පත් මෙම කාන්තා සෙබළියන් ඇතුළු පවුලේ ඥාතින් වෙනුවෙන් අවමංගල්‍ය සඳහා අවැසි තාවකාලික මඩු සකස්කිරීම, පිසු ආහාර ලබාදීම සහ අනෙකුත් අවශ්‍යතාවයන් සඳහා සහයෝගය ලබාදුන්හ.

දේහය නිවසට රැගෙන එනවිට කිලිනොච්චි ප්‍රදේශයේ යුද්ධ හමුදාවේ රාජකාරියේ නියුතු එම කාන්තා සෙබළියන් දෙදෙනාගේ නැන්දණිය ද නිවසට පැමිණ සිටියහ.

මීට අමතරව, භට පිරිස් විසින් එම දේහය ආදාහනය කරනු ලබන ස්ථානය ද හින්දු සම්ප්‍රදායානුකුලව සරසන ලද අතර නිලධාරින් කිහිපදෙනෙකු සහ සෙසුනිලයින් කිහිපදෙනෙකු ද මෙම අවමංගල්‍යය කටයුතු සඳහා සහාය දක්වන ලදී.

Buy Kicks | Air Jordan 1 Hyper Royal 555088-402 Release Date - SBD