Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th November 2018 11:48:02 Hours

කිලිනොච්චි ප්‍රදේශයේ ඇතිවූ හදිසි ගංවතුර තත්ත්වයට සහන සැලසීම සඳහා 65 වන සහ 57 වන සේනාංකයන්හි භට පිරිස් එක්වෙයි

වන්නිවිලාන්කුලම් වැවේ වැව් බැම්ම බිඳියාමේ අවධානමක් පිළිබඳ සැලවූ වහාම බ්‍රහස්පතින්දා (08) දින කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් 57 දෙනෙකුට අධික පිරිසක් යුහුසුළුව ක්‍රියාත්මක වී වැලි කොට්ට අතුරා වැව් බැම්මේ ආරක්‍ෂාව තහවුරු කිරීමට සමත්විය.

පවතින අයහපත් කාලගුණයත් සමඟ ඇදහැළුණු ධාරාණිපාත වර්ෂාපතනය හේතුවෙන් වන්නිවිලාන්කුලම් වැවේ ජල මට්මටම සීඝ්‍රයෙන් ඉහළ ගොස් වැව් බැම්ම බිඳියාම හේතුවෙන් දහස් ගණනක් වූ ජනතාවට මුහුණදීමට සිදුවන අවධානම් තත්ත්වය පිළිබඳ මාන්තෙයි නැගෙනහිර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ කෘෂිකර්ම හා වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 65 වන සේනාංක මූලස්ථානය වෙත දැනුම් දෙනු ලැබීය.

ඒ අනුව, 65 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් වසන්ත කුමාරප්පේරුම ගේ උපදෙස් මත 10 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ සහ 21 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් 57 දෙනෙකුට අධික පිරිසක් කඩිනමින් එම ස්ථානය වෙත ගොස් වැව් බැම්මේ ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා වැලි කොට්ට අතුරනු ලැබූ අතර, එබැවින්, බ්‍රහස්පතින්දා (08) දින සිදුවීමට ඉඩකඩ තිබු ආපදා තත්ත්වය වළක්වා ගැනීමට යුද්ධ හමුදා සාමාජිකයින් සමත්විය. එමෙන්ම, පවතින අයහපත් කාලගුණයත් සමඟ ඇදහැළුණු ධාරාණිපතා වර්ෂාපතනය හේතුවෙන් ආනන්දපුරම් නැගෙනහිර ප්‍රදේශයේ ඩ්‍රයි ආරුකුලම් ඇල මාර්ගයේ ජල මට්ටම ඉහල ගොස් කරච්චි ප්‍රදේශීය ලේකම් බලප්‍රදේශයේ රත්නපුරම් (දකුණු) ප්‍රදේශය ජලයෙන් යට වී ඇති අතර එම ප්‍රදේශයේ පවුල් 75 ක් සඳහා කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංක මූලස්ථානයේ මූලිකත්වයෙන් පිසු ආහාර පාර්සල් 300 ක් ද බෙදාදීමට කටයුතු කරන ලදි.

තවද, 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය ගේ උපදෙස් මත 7 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ද ආපදා තත්ත්වයෙන් විපතටපත් වූවන් සඳහා ආහාර පාර්සල් 300 කට අධික ප්‍රමාණයක් බෙදාදෙනු ලැබීය.

මීට අමතරව, යුද්ධ හමුදා වෛද්‍ය කණ්ඩායමක් එම ප්‍රදේශයට පැමිණ අවතැන්වූ ජනතාවගේ අවශ්‍යතාවයන් සොයාබලා වෛද්‍ය පහසුකම් සැපයීම ද සිදු කළහ.buy shoes | GOLF NIKE SHOES