Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

30th May 2018 17:29:51 Hours

කිලිනොච්චි නව නිපැයුම් ප්‍රදර්ශනය - 2018 සඳහා සිසුන් විශාල පිරිසක් ආකර්ෂණය කරයි

යුද්ධ හමුදා භට පිරිස් තුල පවතින නව නිපැයුම් කුසලතා විදහා දැක්විම සඳහා කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය විසින් සංවිධානයකල නව නිපැයුම් ප්‍රදර්ශනය සඳුදා (28) දින කිලිනොච්චි ‘නෙළුම් පියස’ ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදි.

මෙම නව නිපැයුම් ප්‍රදර්ශනයේ විනිශ්චය මණ්ඩලය ලෙස යාපනය විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කඨිකාචාර්ය, ආචාර්ය පී.ඉන්ගරන් (Dr. P Iyngaran), යාපනය විශ්ව විද්‍යාලයේ පරිගණක විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කඨිකාචාර්ය, ආචාර්ය ඊ.වයි.ඒ චාර්ල්ස් සහ යුද්ධ හමුදා මූලස්ථාන පර්යේෂණ විශ්ලේෂණ යෝජනා සහ සංවර්ධන ශාඛාවේ කර්නල් තාක්ෂණ අංශ ප්‍රධානි කර්නල් එස්.ඩි උදයසේන කටයුතු කරනු ලැබීය.

මෙහි සහතිකපත් ප්‍රදානෝත්සවයේ දී කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන විසින් ඉදිරිපත් කළ නව නිපැයුම් වෙනුවෙන් සහ මෙම ප්‍රදර්ශනය සාර්ථක කරගැනීම සඳහා දැක් වූ දායකත්වය වෙනුවෙන් නිලධාරින් සහ සෙසු නිලයින් ඇගයීමට ලක් කළ අතර, ජයග්‍රහකයින් වෙත සිය සුභපැතුම් ද එක් කළහ.

‘ලේසර් ලඹය’ (Laser Plumb Bob) නිර්මාණය කළ 4 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ කෝප්‍රල් ජී.සී.සී.ආර් ෆොන්සේකා වෙත ප්‍රථම ස්ථානයත්, ‘සත්ව තර්ජන වැළැක්විම සඳහා විද්‍යුත් හරිත පෙට්ටියක්’ (Prevention of Animal Threats Electronic Green Box) නිර්මාණය කළ 16 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ කෝප්‍රල් ඩබ්ලිව්.වී නුවන් කුමාර වෙත දෙවන ස්ථානයත් සහ ‘සනීපාරක්ෂක තුවා දාහකය’ (Sanitary Pad Burner) නිර්මාණය කළ 6 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ ලාන්ස් කෝප්‍රල් ජේ.සී.අයි නිශාන්ති වෙත තෙවන ස්ථානයත් හිමිවිය.

යුද්ධ හමුදා මූලස්ථාන පර්යේෂණ විශ්ලේෂණ යෝජනා සහ සංවර්ධන ශාඛාවේ පූර්ණ අධික්ෂණය යටතේ යුද්ධ හමුදා මූලස්ථානයේ මඟපෙන්විම මත මෙම ප්‍රදර්ශනය කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය විසින් සංවිධානය කරනු ලැබීය.

නව නිපැයුම්වලින් සමන්විත මෙම ප්‍රදර්ශනය කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන විසින් විවෘත කළ අතර, 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය, 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කුමාර පීරිස්, ඉදිරි නඩත්තු පෙදෙසේ ආඥාපති බ්‍රිගේඩියර් ඉන්ද්‍රජිත් විද්‍යානන්ද, 66 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් දීප්ති ජයතිලක, බලසේනාධිපතිවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන්, ගුරුවරුන්, සිවිල් වැසියන් සහ පාසල් සිසුන් 200 කට වැඩි පිරිසක් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

jordan Sneakers | Sneakers Nike