Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

21st January 2019 14:30:07 Hours

කිලිනොච්චි ඉදිරි නඩත්තු පෙදෙසේ නව ආඥාපති රාජකාරී අරඹයි

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත කිලිනොච්චි ඉදිරි නඩත්තු පෙදෙසේ 11 වන ආඥාපති ලෙස මේජර් ජෙනරාල් ඩි.කේ.ජි.ඩි. සිරිසේන සඳුදා (14) දින පැවැති කෙටි උත්සවයකදී රාජකාරී ආරම්භ කළහ.

මූරුකණ්ඩි ප්‍රදේශයේ පිහිටි කිලිනොච්චි ඉදිරි නඩත්තු පෙදෙස් මූලස්ථානය වෙත සපැමිණි නව ඉදිරි නඩත්තු පෙදෙස් ආඥාපති වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක් පිරිනමන ලදී.

ඉන් අනතුරුව, නව ඉදිරි නඩත්තු පෙදෙස් ආඥාපති සිය කාර්යාලයේ දී ආගමික වතාවත් මධ්‍යයේ නිල ලේඛණයකට අත්සන් තබමින් රාජකාරි භාරගත් අතර මෙම අවස්ථාව සංකේතවත් කරමින් කඳවුරු පරිශ්‍රයේ අඹ පැළයක් ද රෝපණය කළහ.

ඉන්පසුව පැවැති සියලුනිල තේපැන් සංග්‍රහය සඳහා ද සහභාගි වූ නව ඉදිරි නඩත්තු පෙදෙස් ආඥාපති මේජර් ජෙනරාල් ඩි.කේ.ජි.ඩි. සිරිසේන එම අවස්ථාව සඳහා සහභාගි වූ භට පිරිස් ද අමතන ලදී.

මෙම අවස්ථාව සඳහා කිලිනොච්චි ඉදිරි නඩත්තු පෙදෙස යටතේ ස්ථාපිත සියලුම ඒකකයන්හි අණදෙන නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් සහභාගි වූහ. Running Sneakers Store | New Balance 327 Moonbeam , Where To Buy , WS327KB , Worldarchitecturefestival