Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

02nd January 2018 18:39:19 Hours

කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානයේ වර්ෂාවසාන සංගීත ප්‍රසංගයමෙවරත් ඉහළින්

කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානයේ සේවයේ නියුතු භට පිරිස් හී සතුට විනෝදය වෙනුවෙන් සංවිධානය කරනු ලැබු සංගීත ප්‍රසංගය සෙනසුරාදා (30) දින එම ආරක්ෂක සේනා මූලස්ථාන ක්‍රීඩාංගනයේ දී පවත්වනු ලැබීය.

මෙම සංගීත ප්‍රසංගය යුද්ධ හමුදා සාමාජිකයින්ගේ දක්ෂතා එළිදැක්වීමේ සහ මානසික තෘප්තියක් ලබාදීමේ අරමුණින් කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන ගේ මඟපෙන්වීම මත සංවිධානය කර තිබුණි.

විජයබාහු පාබල රෙජිමේන්තුවේ ‘රන්සර’ සංගීත කණ්ඩයමේ සංගීතයෙන් සහ ගායනයෙන් භට පිරිස් විනෝදාස්වාදය ලැබුහ.

bridgemedia | Best Nike Air Max Shoes 2021 , Air Max Releases and Deals