Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

02nd January 2018 19:29:34 Hours

කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානයේ නිලධාරින්ට ‘නායකත්වය සහ සංවර්ධනය’ පිළිබඳ වැඩමුළුවක්

කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානයේ මධ්‍යම ශ්‍රේණියේ නිලධාරින් වෙනුවෙන් ‘නායකත්වය සහ සංවර්ධනය’ පිළිබඳව වැඩමුළුවක් 2017 දෙසැම්බර් මස 28 දින පවත්වනු ලැබීය.

මෙම එක්දින වැඩසටහන, යුද්ධ හමුදා මුලස්ථානයේ පුහුණු අධ්‍යක්ෂක මණ්ඩලයේ උපදෙස් මත කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ සේවයේ නියුතු නිලධාරින්ගේ නායකත්ව හැකියාවන් වර්ධනය කිරීමේ අරමුණින් සංවිධානය කර තිබුණි.

මෙම වැඩමුළුව සඳහා අණදෙන නිලධාරින්, දෙවන අණදෙන නිලධාරින්, කණ්ඩායම් නිලධාරි අණදෙනවරුන් සහ ඛණ්ඩභාර නිලධාරින් 40 දෙනෙකු පමණ සහභාගි විය.

වැඩමුළුවේ දේශන සහාය පෞද්ගලික ව්‍යාපාරික ක්ෂත්‍රයේ ප්‍රවීණ දේශකයකු වන විශ්‍රාමික ලුතිතන් කර්නල් වසන්ත පමුණුව විසින් ලබාදෙනු ලැබීය.

best Running shoes | Nike sneakers