Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

30th May 2017 20:23:12 Hours

කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථාන යුද්ධ හමුදා සහ සිවිල් වොලිබෝල් තරඟාවලිය

කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවනගේ මඟපෙන්වීම යටතේ එම ආරක්ෂක සේනා මුලස්ථාන වාර්ෂික අන්තර් බළඇණි වොලිබෝල් තරඟාවලිය යුද්ධ හමුදා කණ්ඩායම් 35 ක් සහ සිවිල් ක්‍රීඩා සමාජ 2 කගේ සහභාගිත්වයෙන් මැයි මස 15 සිට 29 දක්වා මාන්කුලම් සහයෝගිතා වොලිබෝල් ක්‍රීඩා සංකීර්ණයේ දී පවත්වනු ලැබීය.

ඒ අනුව, යුද්ධ හමුදා අංශයේ අවසන් තරඟයේ දී 3 වන ගජබා රෙජිමේන්තුව 24 වන ගැමුණු හේවා බළඇණිය පරාජයට පත් කරමින් ශුරතාවය හිමිකර ගත් අතර, සිවිල් අංශයේ අවසන් තරඟයේ දී මුලන්කාවිල් විනයාගර් ක්‍රීඩා සමාජය පරාජයට පත් කරමින් මාන්කුලම් මින්නොලි ක්‍රීඩා සමාජය ශුරතාවය හිමි කරගනු ලැබීය.

සමස්ථ තරඟාවලියේ යුද්ධ හමුදා අංශයෙන් දක්ෂතම ක්‍රීඩකයා ලෙස 3 වන ගජබා රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්‍රල් ලක්මාල්, දක්ෂතම පන්දු ඔසවන්නා ලෙස සැරයන් මැදවත්ත සහ දක්ෂතම ප්‍රහාරකයා ලෙස 24 වන ගැමුණු හේවා බළඇණියේ සාමාන්‍ය සෙබළ සංජිව ද තේරිපත් වු අතර, සිවිල් අංශයෙන් මුලන්කාවිල් විනයාගර් ක්‍රීඩා සමාජයේ එස්. රාජේන්ද්‍රන්, අරෝග්‍යා ඇන්තනි සහ මාන්කුලම් මින්නොලි ක්‍රීඩා සමාජයේ එස්. සජේන්කොච් පිළිවෙලින් දක්ෂතම ප්‍රහාරකයා, දක්ෂතම ක්‍රීඩකයා සහ දක්ෂතම පන්දු ඔසවන්නා ලෙස තේරිපත් වුහ.

සිවිල් වැසියන් සහ ආරක්ෂක හමුදාවන් අතර හොඳහිත සහ සංහිඳියාව ඇතිකිරීමේ අරමුණින් යුතුව 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන ගේ සහ 574 බලසේනාවේ බලසේනාධිපති ගේ සම්බන්ධීකරණයෙන් මෙම තරඟාවලිය පවත්වනු ලැබීය.

මෙහිදි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පැමිණි කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති විසින් ජයග්‍රහකයින් වෙත කුසලාන සහ සහතිකපත් ප්‍රදානය කළ අතර, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, අනෙකුත් නිලධාරින්, සෙසුනිලයින් සහ සිවිල් වැසියන් රැසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

Sports News | Nike Air Force 1'07 Essential blanche et or femme - Chaussures Baskets femme - Gov