Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

කිලිනොච්චි ආරක්ෂක සේනා භට පිරිස් විසින් තුනුක්කායි සහ කිලිනොච්චි තරුණ තරුණියන් වෙත වගා කිරිම පිළිබඳව දිරී ගැන්විමක්

කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සරත් විරවර්ධනගේ උපදෙස් මත එම සේනාංකයේ භට පිරිස් විසින් කුඩා ‘ව්‍යවසාය හා පුද්ගලික මුල්‍ය කළමනාකරණය’ පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහනක් බ්‍රහස්පතින්දා (23) දින වේල්ලන්කුලම් හී පිහිටි යුද හමුදා ගොවිපොළේ දී සංවිධානය කරන ලදි.

ප්‍රදේශයේ තරුණ තරුණියන්ට කෘෂි කර්මාන්තය පිළිබඳව පාඨමාලව හැදැරිම සඳහා දිරිමත් කිරිම මෙන්ම අනතුරුව තමන්ගේම ව්‍යාපාරයක් හෝ ගොවිපොලක් ආරම්භ කිරිමේ අරමුණින් යුතුව වේල්ලන්කුලම් යුද හමුදා ගොවිපොළේ දී මෙම වැඩසටහන පැවත් වු අතර ප්‍රදේශිය ලේකම් කාර්යාලය කරන ලද ඉල්ලිමකට අනුව යුද හමුදාව මේ සඳහා ඉදිරිපත්වි ඇත.

මහා බැංකුවේ කිලිනොච්චි ශාඛාවේ කළමණාකරු බාලාක්‍රිෂනන් ශිවදිපන් මහතා විසින් තරුණ තරුණියන් දැනුවත් කළ අතර, තුනුක්කායි ප්‍රදේශයේ මුල්‍ය ආයතන ප්‍රධානින් ද මේ වැඩසටහන සඳහා සහභාගි වුහ.

තුනුක්කායි ප්‍රදේශයේ තරුණ තරුණියන් 76 දෙනෙකු මේ සඳහා සහභාගි වු අතර, එහිදී ඔවුන් විසින් ඔවුන්ට අදාල ගැටලු පිළිබඳව විමසා සිටින ලදි.

එමෙන්ම, තුනුක්කායි ප්‍රදේශයේ කිරි නිෂ්පාදනය සංවර්ධනය කිරිමේ අරමුණින් ගවයින්ගේ ආහාරය සඳහා නව තෘණ වගාව පිණිස බිජ 10000 බැගින් කිරි ගොවින් 5 දෙනෙකු වෙත බෙදා දෙනු ලැබිය.

65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සරත් විරවර්ධන, තුනුක්කායි ප්‍රදේශිය ලේකම් තනබලාසිංගම් මහතා, පරන්තන් කෘෂි විද්‍යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ශකිලාභානු මහත්මිය, 653 වන බලසේනාවේ බලසේනාධිපති, හමුදා නිලධාරින් සහ රජයේ නිලධාරින් මේ අවස්ථාවට සහභාගි වුහ.

එමෙන්ම, 57 වන සේනාංකයේ සේනාංකාධිපතිගේ උපදෙස් මත, 571 බලසේනාව සහ 16 වන (ස්වේච්ජා) ශ්‍රි ලංකා පාබල හමුදාවේ භටපිරිස් එක්ව පෙබරවාරි (23) දින කිලිනොච්චි තිරුවායිරු මහා විද්‍යාල පරිශ්‍රයේ දී ශ්‍රාමදාන වැඩසටහන සංවිධානය කළ අතර, 571 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් අජිත් කොළඹතන්ත්‍රිගේ විසින් මේහි අධික්ෂණ කටයුතු සිදු කරන ලදි.

තිරුවායිරු මහා විද්‍යාලයේ විදුහල්පතිතුමන් විසින් 571 වන බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගෙන් කරන ලද ඉල්ලිමකට අනුව පාසල් පරිශ්‍රයේ පිරිසිදු කිරිමේ ශ්‍රාමදාන වැඩසටහන සඳහා සෙසුනිලයින් 20 දෙනෙකු සහභාගි වු අතර, අනතුරුව ගුරුවරුන් හා පාසල් සිසුන් වෙනුවෙන් විදුහල්පති විසින් යුද හමුදාව වෙත සිය කෘතඥතාව පුද කරන ලදී.

කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපතිතුමාගේ අධික්ෂණය යටතේ සිවිල් සහ හමුදා සම්බන්ධිකරණයේ තවත් එක් අධියරක් ලෙස මෙම වැඩසටහන් පවත්වන ලදි.

Mysneakers | Air Jordan