Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

27th March 2017 20:50:11 Hours

කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථාන වාර්ෂික මලල ක්‍රීඩා තරඟාවලිය - 2017 නිමාවේ

කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථාන වාර්ෂික මළල ක්‍රීඩා තරඟාවලිය බලඇණි 35 ක භට පිරිස් වල සහභාගීත්වයෙන් මාර්තු මස 22 සිට 26 දක්වා කිලිනොච්චි මධ්‍ය මහා විද්‍යාල ක්‍රීඩාංගණයේ දී පවත්වන ලදි. මේ සඳහා ප්‍රදේශයේ පාසල් ද නියෝජනය කරමින් සහායක දිවිමේ කණ්ඩායම් 8 ක් ද සහභාගි විය.

කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවනගේ මඟපෙන්විමෙන් මෙහි කටයුතු සංවිධානය කෙරිනි.

මෙම මළල ක්‍රිඩා තරඟාවලියේ අරමුණ වුයේ භට පිරිස්හි සැඟවුණු ක්‍රීඩා කුසලතාවයන් ජාතික හා ජාත්‍යන්තර මට්ටමකට රුගෙන එමයි.

මළල ක්‍රීඩා තරඟාවලිය සඳහා කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ රාජකාරි කරනු ලබන නිලධාරීන් සහ සෙසු නිලයින් ඇතුලු ක්‍රීඩක, ක්‍රිඩකාවන් 300 කට අධික පිරිසක් සහභාගි වූහ.

මෙදින ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන, ජයග්‍රහකයින් වෙත කුසලාන සහ පදක්කම් පිරිනැමිම සිදු කළ අතර, මෙම ක්‍රීඩා උළලේ ශුරතාවය 57 වන සේනාංකයටත් අනුශුරතාවය 65 වන සේනාංකයටත් හිමිවිය.

ජවන හා පිටිය ඉසව්, ශාරිරික පුහුණු නිදර්ශනයක් සහ තුර්ය වාදක සංදර්ශනය ඇතුලු සංස්කෘතික අංගයන්ගෙන් මෙම සමාප්ති උළෙල වර්ණවත් වූ අතර, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන්, සිවිල් වැසියන් මෙන්ම පාසල් සිසුන් ද මේ සඳහා එක්ව සිටියහ.

jordan release date | Upcoming 2021 Nike Dunk Release Dates - Iebem-morelos