Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

18th January 2017 14:06:29 Hours

කිලිනොච්චි ආඥාපති 65 වන සේනාංකයේ සහ 57 වන සේනාංකයේ සංචාරයක

කිලිනොච්චි ආරක්ෂක සේනා නව ආඥාපති, අඟහරුවාදා (17) දින තුනුක්කායි හි පිහිටි 65 වන සේනාංක මුලස්ථානයේ ද, බදාදා (18) දින 57 වන සේනාංක මුලස්ථානයේ ද සංචාරය කරන ලදි.

65 වන සේනාංක මුලස්ථානය වෙත පැමිණි කිලිනොච්චි ආරක්ෂක සේනා නව ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන වෙත 20 වන විජයබාහු පාබල රෙජිමේන්තු භට පිරිස් විසින් කඳවුරු සම්මාන මුරයක් පිරිනැමූහ.

65 වන සේනාංකයේ සේනාංකාධිපති විසින් ආඥාපතිතුමන්ව උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව, තම සේනාංක බලප්‍රදේශයේ වගකිම් සහ කාර්ය භාර්යයන් පිළිබඳව එතුමන් දැනුවත් කිරීම ද සිදු කෙරිනි.

තවද, ආඥාපතිතුමා මුලන්කාවිල් බලඇණි පුහුණු පාසලේ සංචාරය කළ අතර, එහි භට පිරිස් ඇමතිම ද සිදුකළහ.

65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්.ඒ.එස්. වීරවර්ධන සමඟින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් මෙන්ම සෙසු නිලයින් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

එමෙන්ම, බදාදා (18) දින කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති 57 වන සේනාංක මුලස්ථානයේ ද සංචාරය කරන ලදි.

එහි දි 57 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් අතුල ගලගමගේ විසින් සිය වගකිම් සහ දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති පිළිබඳව කිලිනොච්චි ආඥාපතිතුමා දැනුවත් කිරීම සිදු කෙරිනි.

මෙහිදි කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති, මෙම අවස්ථාව සිහිවනු වස් පැළයක් රෝපණය කිරීම සහ භට පිරිස්හි පහසුකම් සහ සුබසාධන කටයුතු පිළිබඳ සෝයා බැලීමට ද අමතක නොකළහ.

තවද, නෙළුම් පියස ශ්‍රවණාගාරයේ දී භට පිරිස් ඇමතු අතර, එහිදි ඔවුන්ගේ පුහුණුවිම් සහ රාජකාරි කටයුතු මැනවින් ඉටුකරන ලෙස ද ආවධාරණය කළහ.

57 වන සේනාංක මුලස්ථානයේ දී භට පිරිස් විසින් ආඥාපතිතුමා වෙත කඳවුරු සම්මාන මුරයක් ද පිරිනැමූහ.

Nike Sneakers | Zapatillas de running Nike - Mujer