Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

26th August 2018 08:15:44 Hours

කිලිනොච්චි 653 වන බලසේනාවේ භට පිරිස් කතෝලික දේවස්ථාන පරිශ්‍රය පිරිසිදු කරයි

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයට අයත් 653 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 21 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ භට පිරිස් විසින් යෝගපුරම් බටහිර කතෝලික දේවස්ථාන පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් අඟහරුවාදා (21) දින දියත් කරනු ලැබීය.  

මෙම ශ්‍රමදාන වැඩසටහන 65 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් වසන්ත කුමාරප්පෙරුම ගේ උපදෙස් මත 653 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් රොබීන් ජයසුරිය ගේ මඟපෙන්වීම මත ක්‍රියාවට නංවන ලදී.  

මෙම පූජනීය ස්ථානයට සිදු කරනු ලබන ගෞරවයක් ලෙස යුද්ධ හමුදා සාමාජිකයින් 30 කට අධික පිරිසක් දේවස්ථාන පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහන සඳහා සහභාගි වූහ.Best Nike Sneakers | Best Nike Air Max Shoes 2021 , Air Max Releases and Deals