Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th October 2016 08:41:59 Hours

කිරිවෙහෙර පුදබිමේ දී සහ කතරගම දෙවොලේ දී යුද හමුදා ධජයන්ට සෙත් පතයි

යුද හමුදා දිනයට හා 67 වන යුද හමුදා සංවත්සරයට සමගාමිව ඵෙතිහාසික කතරගම කිරිවෙහෙර දාගැබ අභියස දී හා කතරගම දේවාල පරිශ්‍රයේ දී සිකුරාදා (07) පස්වරුවේ යුද හමුදා ධජයන්ට සෙත් පැතීම යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුද හමුදා ධජයන් සිය ගණනක් පෙරටු කරගත් අදාල නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගීත්වයෙන් පැවැත්විනි.

යුද හමුදාවට අයත් සියලු රෙජිමේන්තු, ආරක්ෂක සේනා මූලස්ථාන, පුහුණු පාසල්, සේනාංක, බලසේනා හා ඒකකයන්ට අයත් ධජයන් රැගෙන යුද හමුදා සාමාජිකයින් හේවිසි පූජා මධ්‍යයේ කතරගම කිරිවෙහෙර තෙවරක් පැදකුණු කළ අතර, අනතුරුව විශේෂ කප්රුක පූජාවක්ද පවත්වා ආගමික වතාවත් ඉටු කරමින් යුද හමුදාවට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාද පැතීය. එමෙන්ම කතරගම පූජා භූමියේ පැවති ගිලන්පස පූජාවෙන් අනතුරුව පොල් තෙල් පහන් 1518 ක් ද දල්වන ලදි.

අනතුරුව ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් මහා සංඝරත්නය වෙත පිරිකර පූජා කළ අතර, වර්ණවත් යුද හමුදා ධජයන්ට විශේෂ පූජා පවත්වමින් මහසෙන් දේවාලයේ දිත්, කතරගම දේවාලයේ දී ආශිර්වාද කරනු ලැබීය. මෙහිදී යුද හමුදාපතිතුමා විසින් එහි සංවර්ධන කටයුතු සඳහා මූල්‍යමය පරිත්‍යාගයක් කිරිවෙහෙර විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද ස්වාමින් වහන්සේ වෙත පිළිගැන්විය.

යුද හමුදා ධජ රැගෙනයන්නන් සහ හේවිසි කණ්ඩායම්වලින් සමන්විත පෙරහැර පුජාභූමිය වෙත පැමිණිමෙන් අනතුරුව එම ධජ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් සංකේතාත්මකව ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ යුද හමුදාපති වෙත පිළිගන්වන ලදි. අනතුරුව අෂ්ඨඵල බෝධින් වහන්සේ අභියස දී ආගමික වතාවත් සිදු කළ අතර, යුද හමුදාපති විසින් අටපිරිකර පූජා කිරීම ද එහිදි සිදු කෙරිනි.

යුද හමුදාපති විසින් ආශිර්වාද පතා දේවාල ඇතුල් කුටියේ ධජ තැන්පත් කිරීමෙන් පසු ම දේවාලයේ තේවාව ආරම්භ විය. එමෙන්ම යුද හමුදාපතිතුමා විසින් මෙහි සංවර්ධන කටයුතු සඳහා ද තවත් මුදල් පරිත්‍යාගයක් බස්නායක නිලමේ ඩි.පි. කුමාරගේ මහතා වෙත පිරිනමන ලදි.

අනතුරුව දේවාල භූමියේ මුරුතැන් පූජාව පවත්වනු ලැබූ අතර, එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරාල් චන්න ගුණතිලක ඇතුලු ජ්‍යෙෂ්ඨ නිළධාරීන් රැසක් සහභාගි වූහ.

බුදුන් වහන්සේගේ තෙවන ලංකා ගමනයේ දි කතරගම පුද බිමෙහි විවේක සුවයෙන් ගත කළ බව සඳහන් වන අතර, උන්වහන්සේ සර්වඥ ධාතූන් වහන්සේලා මෙම කිරිවෙහෙර වහන්සේ තුල නිදන් කොට ඇති බව ද ඉතිහාසයේ සඳහන්ව තිබේ. බුද්ධ වර්ෂ 3 වන සියවසේ මහාසෙන් නරපතියන් මෙම කිරිවෙහෙර චෛත්‍යයන් වහන්සේ ඉදි කළ බවට විශ්වාස කෙරේ.

Running Sneakers Store | Fullress , スニーカー発売日 抽選情報 ニュースを掲載!ナイキ ジョーダン ダンク シュプリーム SUPREME 等のファッション情報を配信!