Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

17th May 2018 13:26:13 Hours

කැලණිය පුදබිමේදි මියගිය රණවිරුවන් සමරා පහන් 28,619 ක් දල්වමින් ඓතිහාසික අලෝක පුජාවක්

එල්ටිටිඊ ත්‍රස්ථවාදයට එරෙහිව සිදුකරන ලද මානුෂීය මෙහෙයුමේදි දිවිපිදු රණවිරුවන් සිහිපත් කරමින් ජාතික රණවිරු සැමරුම් දින (මැයි 19) පවත්වනු ලබන ප්‍රධාන සැමරුම් උත්සවයට සමඟාමීව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් පවත්වනු ලබන ‘ආලෝක පුජාව’ ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා පොලීසිය සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ ද සහයෝගීත්වය ඇතිව සෙනසුරාදා (19) දින කැලණිය රාජ මහා විහාරස්ථානයේ දී පැවැත්වීමට නියමිතය.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායකගේ සංකල්පයකට අනුව පවත්වනු ලබන මෙම ආලෝක පුජාවේ දී දේශයේ යහපත් හෙට දිනක් උදාකිරිමට මාතෘ භුමීය වෙනුවෙන් තම ජීවිත පුජා කරමින් හා අප්‍රතිහත කැපකිරීම් සිදුකරමින් වික්‍රමාන්විත වූද, අභීතභාවය ප්‍රදර්ශනය කලාවුද විරෝධාර ත්‍රිවිධ හමුදා සහ පොලීසියේ රණවිරුවන් සිහිපත් කරමින් ඔවුන්ගේ ජිවිත ආලෝකමත් වේවායි උතුම් ප්‍රාර්ථනාවෙන් යුක්තව පහන් 28,619 ක් දල්වනු ලබයි.

අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් විසින් මහා සංඝරත්නය වෙත ආරාධනය කිරිමෙන් පසු කැලණිය රාජමහා විහාරස්ථානයේ දී හේවිසි නාද මධ්‍යයේ ආගමික වතාවත් සහ ගිලන් පස පුජාවන් සිදුකරනු ලබන අතර අතිගරු ජනාධිපතිතුමන්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, ත්‍රිවිධ හමුදාධිපතිවරුන්, පොලිස්පතිතුමන් හා සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තු අධ්‍යක්‍ෂ ජෙනරාල්තුමන් සහ මියගිය රණවිරු පවුල්වල ඥාතීන් විසින් පහන් දැල්වීමට නියමිතය.

මේ අතරතුර, දිවයින පුරා පිහිටා ඇති ආරක්‍ෂක සේනා මුලස්ථාන, සේනාංක මුලස්ථාන, ඉදිරි නඩත්තු පෙදෙස්, බලසේනාවන්, ඒකකයන්, යුද්ධ හමුදා පුහුණු පාසල්, භට කාර්ය සම්පාදන අණසක, රෙජිමේන්තු මධ්‍යස්ථානයන්, ක්‍ෂේත්‍ර මුලස්ථානයන් සහ රණවිරු සුභසාධන මධ්‍යස්ථානයන් හි යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි සිකුරාදා (18) දින පෙරවරු 9.30 ට රණවිරු සැමරුම ආරම්භ කිරිමට නියමිත අතර මෙම රණවිරු සැමරුම් උත්සවය ජාතික ධජය හා යුද්ධ හමුදා ධජයන් එසවීම, ජාතික ගීය හා යුද්ධ හමුදා ගීතය ගායනා කිරිම, විනාඩි 02 ක නිෂ්ශබ්දතාවය, රණවිරු සැමරුම් දිනය වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන් නිකුත් කරන ලද පණිවිඩය කියවීම, ආයතන ප්‍රධානි විසින් කෙටි දේශණයක් පැවත්විම ආදි කාර්යයන් රැසකින් සමන්විතය.

ප්‍රධාන රණවිරු සැමරුම් උත්සවය මැයි මස 19 වන දින බත්තරමුල්ල පිහිටි රණවිරු ස්මාරකය අභියස දී අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්, ගරු. අග්‍රාමාත්‍යතුමා, ගරු කථානායක, ආණ්ඩුකාරවරුන්, අමාත්‍යවරුන්, ප්‍රධාන අමාත්‍යවරුන්, ආරක්‍ෂක ලේකම්තුමන්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, ත්‍රිවිධ හමුදාධිපතිවරුන්, පොලිස්පති, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්, රණවිරු සේවා අධිකාරියේ සභාපතිනිය, රාජ්‍ය නිලධාරීන් සහ මියගිය රණවිරුවන්ගේ ඥාති හිතමිත්‍රාදීන් රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිතය.

එල්ටීටීඊ ත්‍රස්තවාදයට එරෙහිව සටන්වැඳී තම ජීවිත පූජාකළ ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ දිවිපිදු රණවිරුවන්ගේ අමරණීය මතකයන් හා අසමසම කැපවිම ගෞරවයෙන් සිහිපත් කරමින් එම රණවිරුවන්ගේ සියලුම නම් ඇතුලත්ව බත්තරමුල්ලේ ඉදිකරන ලද මෙම රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර පුදකරනු ලබයි.

බත්තරමුල්ල රණවිරු සැමරුම් දින (19) රණබෙර, හේවිසි, පුරප්පට්ටු, මඟුල් බෙර, ගැටබෙර ඇතුළු සම්ප්‍රදායික බෙර යොදාගනිමින් යුද්ධ හමුදා තුර්යවාදක කණ්ඩායම සිදුකරන්නා වූ රණ බෙර හඬ රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන්ගේ නිර්භීතභාවය සහ අධිෂ්ඨාන ශක්තිය මැනවින් නිරූපනය කෙරෙනු ඇත.

ඉන් අනතුරුව, අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා සමඟින් ගරු අග්‍රාමාත්‍යතුමා, ගරු කථානායක, ආරක්‍ෂක ලේකම්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති, නාවික හමුදාධිපති, ගුවන් හමුදාධිපති සහ පොලිස්පති විසින් බත්තරමුල්ල පිහිටි රණවිරු ස්මාරකය අභියසදී රට ජාතිය වෙනුවෙන් දිවිපිදු රණවිරුවන්හට පුෂ්පෝපහාර පුදකරමින් ගෞරව දක්වන අතර ඔවුන්ගේ මතකයන් යළිත් ආවර්ජනය කරමින් හමුදා සම්ප්‍රදායානුකුලව හිරු නැගෙනා මොහොතෙදීත් හිරු බසිනා මොහොතෙදීත් රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන් වෙනුවෙන් වැයෙන බියුගල් නලාකරුවන්ගේ අවර රණවිරු අනුස්මරණ බියුගල් නාදය ගුවනට මුසුකෙරෙනු ඇත.

මෙම රණවිරු සැමරුම් දින (19) උදෑසන සුවිශේෂීවුද උදාර වූද නිතිගරුක හා උතුම් සේවාවක් ඉටුකල, නිර්මල යහපත් මෙන්ම නොකැලැල් පැවැත්මක් ඇත්තා වූ යුද්ධ, නාවික සහ ගුවන් හමුදාවන් නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරින් 50 දෙනෙකු හට විශිෂ්ඨ සේවා විභුෂණය පදක්කම් පිරිනමනු ඇත. මෙම විශිෂ්ඨ සේවා විභුෂණ පදක්කම් පිරිනැමීම අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විමට නියමිතව ඇත. එහිදී යුද්ධ හමුදාධිපතිතුමන්, නාවික හමුදාධිපතිතුමන්, ගුවන් හමුදාධිපතිතුමන් ඇතුළත්ව සේවයේ නියුතු හා විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරින් යුද්ධ හමුදාව නියෝජනය කරමින් 24 දෙනෙකු, නාවික හමුදාව නියෝජනය කරමින් 22 දෙනෙකු හා ගුවන් හමුදාව නියෝජනය කරමින් 01 නිලධාරියෙකු හට මෙම විශිෂ්ඨ සේවා විභුෂණ පදක්කම පිරිනමනු ලබයි.

 

එසේම, රණවිරු සැමරුම් දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව, රණවිරු සේවා අධිකාරිය හා එක්ව දිවයින පුරා, පළාත් මට්ටමින් රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන් අනුස්මරණය කිරීමේ උත්සව සංවිධානය කර ඇත.

මැයි මස 2 දින සිට ජුනි මස 2 දින දක්වා යෙදි ඇති රණවිරු සැමරුම් මාසය ප්‍රකාශයට පත්කරමින් එහි පළමු රණවිරු සැමරුම් කොඩිය අතිගරු ජනාධිපතිතුමන්ට පැළඳ වුහ. 2009 මැයි මස 19 දිනට පෙර කුරීරු ත්‍රස්තවාදීන්ට එරෙහිව සටන්වැදී සිය ජිවිත පරිත්‍යාග කල අභීත රණවිරුවන් වැඩි පිරිසක් සිටින වයඹ පළාතේ එම රණවිරුවන්ගේ වීරත්වය සහ නීර්භිතකම වෙනුවෙන් ගෞරව කිරීමක් ලෙස රණවිරු සැමරුම් මාසයට සමගාමීව සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් විසින් සිකුරාදා (11) දින ඇතුගල්පුර දී ‘වයඹ රණ අභිමන්’ රණවිරු ස්මාරකය විවෘත කරන ලදි.

අතිගරු ජනාධිපතිතුමන් රණවිරුවන් වෙත සිය ආචාරය පුද කිරිමෙන් අනතුරුව ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි අද්මිරාල් රවින්ද්‍ර සී විජේගුණරත්න, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ සහ නාවික හමුදා සහ පොලිස් නියෝජිතයින් කුරුණෑගල පිහිටි මෙම රණවිරු ස්මාරකය අභියසදී පුෂ්පෝපහාර පුදකරමින් රට ජාතිය වෙනුවෙන් දිවිපිදු රණවිරුවන්හට ගෞරව දක්වන ලද මෙම ස්මාරකය මාර්ග සංවර්ධන කටයුතු හේතුවෙන් තාවකාලිකව ඉවත්කරන ලද පැරණි ස්මාරකය වෙනුවට නිර්මාණය කර ඇත.

කුරුණෑගල පැවති උත්සවයට පෙර යාපනය, පලාලි රණවිරු ස්මාරකය අභියස දි උතුරු පළාත් ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් බෞද්ධ, හින්දු, කතෝලික හා ඉස්ලාමීය ආගමික වතාවත්වලට ප්‍රමුඛත්වයක් දෙමින් රණවිරු සැමරුම් උත්සවයක් පවත්වන ලදි. ත්‍රිවිධ හමුදා නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන් සහ රණවිරු සේවා අධිකාරියේ සභාපතිනි අනෝමා ෆොන්සේකා මහත්මිය ද මෙම අවස්ථාව සඳහා එක්වූහ.

එසේම, සම්ප්‍රදායානුකූලව රණවිරු සැමරුම් උත්සව එක් එක් පළාත් නියෝජනය කරමින් රණවිරු ස්මාරකයන් වන මධ්‍යම පළාත් මයිලපිටිය රණවිරු සැමරුම් උද්‍යානය (මැයි 11), වයඹ පළාත් කුරුණෑගල ‘වයඹ රණවිරු අභිමන්’ රණවිරු ස්මාරකය (මැයි 11), සබරගමු පළාත් රත්නපුර නව නගර රණවිරු ස්මාරකය (මැයි 14), ඌව පළාත් බදුල්ල රණවිරු ස්මාරකය (මැයි 15) සහ මැයි මස 15 වන දින පෙ.ව. 9.00 ට දකුණු පළාත් ගාල්ල රණවිරු ස්මාරක අභියසදී පුෂ්පෝපාහර පුදකරමින් රණවිරු සැමරුම් උත්සව පවත්වනු ලැබීය.

අදාළ පළාත් ආණ්ඩුකාරවරුන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වන්නා වූ එම රණවිරු සැමරුම් උත්සව යුද්ධ හමුදාව හා රණවිරු සේවා අධිකාරිය එක්ව සංවිධානය කරනු ලබන අතර, ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසීයේ මියගිය රණවිරුවන් වෙනුවෙන් උපහාර දැක්විමට ඔවුන්ගේ ළඟම ඥාතීන් හා එම පවුල්වල සාමාජිකයින් හට අවැසි පහසුකම් ද සලසනු ලැබීය.

එමෙන්ම, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි චන්ද්‍රිකා සේනානායක මැතිණියගේ ප්‍රධානත්වයෙන් රණවිරු සැමරුම් උත්සවයක් පනාගොඩ ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේ දී පැවති අතර, එහිදි මහා සංඝරත්නය විෂයෙහිලා දානමය පුණ්‍යකර්මයක් පැවැත්විමෙන් අනතුරුව මහා සංඝරත්නය වෙනුවෙන් පිරිකර පූජාවක් ද සිදුකරනු ලැබිය.

මෙම වාර්ෂික වැඩසටහන සෙනසුරාදා (12) දින පැවත් වූ අතර, භික්ෂුන් වහන්සේලා පෙරහැරකින් ශ්‍රී බෝධිරාජාරාමය වෙත වඩමවාගෙන එනු ලැබූහ. අනතුරුව සේනානායක මහත්මිය විසින් සම්ප්‍රදායිකව දැහැත් වට්ටිය පිළිගන්වා මෙම ආශිර්වාදාත්මක පුජාව ආරම්භ කරන ලෙස උන්වහන්සේලා වෙත ආරාධනා කළහ. රෙජිමේන්තු මට්ටමින් සියලුම සේවා වනිතා සභාපතිනියන්ගේ ප්‍රධානත්වයෙන් බුද්ධ පූජා පිංකමක් සහ දානමය පිංකමක් ද එහිදි පවත්වන ලදි.

තවද රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන් වෙත පිං පැමිණවිමත්, යුද්ධ හමුදාධිපතිතුමාටත්, සේවයේ නියුතු සියලුම නිලධාරීන්ටත්, සෙසු නිලයින්ටත් සහ යුද්ධ හමුදාවේ සේවයේ නියුතු සිවිල් සේවක සාමාජිකයින්ටත් ආශිර්වාද පැතිම ද සිදු කරන ලද අතර මෙහිදි ආශිර්වාදාත්මක පුජාව පවත්වන ලද ප්‍රධාන ස්වාමින්වහන්සේ විසින් මාතෘභුමියේ භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් දිවිපිදු රණවිරුවන්ගේ සේවය අගය කරමින් හරවත් දේශණාවක් ද පවත්වන ලදී. (නිමාව)

Best Nike Sneakers | Air Jordan XXX1 31 Colors, Release Dates, Photos , Gov