Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th July 2018 15:49:25 Hours

කැනඩාවේ තරුණ පිරිසක් 571 වන බලසේනාවේ සහයෝගය ඇතිව කිලිනොච්චි සිසුන්ට පාසල් උපකරණ බෙදාදෙයි

කැනඩාවේ ‘තරුණ ළමයින්ගේ එකතුවේ’ අනුග්‍රහය ඇතිව 571 වන බලසේනා මූලස්ථානයේ සම්බන්ධිකරණයෙන් ඉරිදා (15) දින කිලිනොච්චි පන්නක්කණ්ඩි දමිළ මිශ්‍ර පාසලේ සිසුන් සඳහා රුපියල් 600,000/= ක වටිනාකමින් යුතු පාසල් උපකරණ, ක්‍රීඩා උපකරණ සහ කාර්යාලීය උපකරණ තොගයක් බෙදාදෙනු ලැබීය.

57 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ මඟපෙන්වීම මත 571 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් නජීව එදිරිසිංහ විසින් පවත්වනු ලැබු මෙම උත්සවය සඳහා භික්ෂුන් වහන්සේලා ඇතුළු ආගමික පූජකවරුන්, පරිත්‍යාගශීලින්, ගුරුවරුන්, සිසුන් සහ දෙමාපියන් රැසක් සහභාගි වූහ.

මෙම උත්සවයේ දී පාසල් සිසුන් 85 දෙනෙකු සඳහා පොත්පත්, පෑන් සහ පැන්සල්, පාසල් බෑග්, කවකටු පෙට්ටි, ක්‍රීඩා උපකරණ, ලිපි ද්‍රව්‍ය, වතුර බෝතල්, කෑම පෙට්ටි, මේස් යුවල්, ඇතුළු පාසල් උපකරණ සහ පාසලේ කාර්යාල උපකරණ රැසක් පරිත්‍යාග කරනු ලැබීය. latest Running Sneakers | Women's Nike Air Force 1 Shadow trainers - Latest Releases , Ietp