21st April 2017 19:12:16 Hours
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 7 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකායේ සම්බන්ධිකරණයෙන් සඳුදා (17) දින යාපනය, නල්ලූර් Five Square ළමා නිවාසයේ ළමුන් සඳහා ‘නාට්‍ය හා රංගකලාව’ පිළිබඳ වැඩමුළුවක් පැවැත් වූ අතර, ළමා කුසලතා සංවර්ධන වැඩසටහනේ අධ්‍යක්ෂිකා රත්නා පූෂ්පකුමාරි මහත්මිය විසින් එම වැඩමුළුව මෙහෙයවිය.
යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්ච්ගේ මඟපෙන්වීමෙන් ළමුන්ගේ කුසලතා සංවර්ධනය කිරිමේ අරමුණින් පැවති මෙම වැඩමුළුව සඳහා ළමුන් 40 ක් පමණ සහභාගි වූහ.
spy offers | Nike - Shoes & Sportswear Clothing