Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th September 2018 22:29:22 Hours

ක්‍ෂේත්‍ර පුහුණු යුද අභ්‍යාසයේ ආදර්ශ පුහුණු මෙහෙයුමක් මගින් වැලිකන්ද දුම්රිය ස්ථානයේ සිටි කැරළිකරුවන් දෙදෙනකු අල්ලයි

‘දියකාවා’ ක්‍ෂේත්‍ර පුහුණු යුද අභ්‍යාසයේ සිව්වැනි දිනය වන අද (9) දින උදෑසන වැලිකන්ද දුම්රිය ස්ථානය කේන්ද්‍ර කරගනිමින් ආදර්ශ පුහුණු මෙහෙයුමක් ක්‍රියාත්මක කල අතර එහිදී දුම්රිය ස්ථානය වෙත පැමිණි දුම්රියේ දුම්රිය මැදිරියක් තුල කැරළිකරුවන් දෙදෙනෙකු සැඟව පැමිණි ඇති බවට හමුදා බුද්ධි අංශ වෙත ලැබු තොරතුරක් අනුව භට පිරිස් ක්‍රියාත්මක වන අන්දම පිළිබඳව ආදර්ශ පෙරහුරුවක් පවත්වන ලදී.

මෙම මෙහෙයුම සඳහා විශේෂ බලකා යතුරුපැදි ප්‍රහාරක බලඇණි දෙකක් ඔවුන්ගේ උපරිම හැකියාවන් උපයෝගි කරගනිමින් ක්‍රියාත්මක වු අතර, ඔවුන්ගේ සහාය සඳහා විදේශීය හමුදා සමාජිකයන් ද ඇතුළත් නාගරික සටන් ප්‍රහාරක බලඇණිය ද එක්වීය. මෙහිදී උපායශීලීව අවම බලය භාවිතා කරමින් අඳාල කැරළිකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගන්නා ලදී. Running sport media | GOLF NIKE SHOES