Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th September 2018 18:57:09 Hours

ක්‍ෂේත්‍ර පුහුණු යුද අභ්‍යාසයේ ආදර්ශ පුහුණු මෙහෙයුමක් මගින් ප්‍රාණ ඇපයේ සිටි විදේශීකයන් දෙදෙනෙකු බේරාගැනේ

‘දියකාවා’ ක්‍ෂේත්‍ර පුහුණු යුද අභ්‍යාසයේ හයවැනි දිනය වන අද (11) දින උදෑසන කල්පිටිය, නන්දතිව් දුපතේ ත්‍රස්ථවාදීන් විසින් ප්‍රාණ ඇපකරුවන් වශයෙන් රඳවා සිටිනු ලබන විදේශිකයන් දෙදෙනෙකු බේරාගැනිමේ ආදර්ශ පුහුණු මෙහෙයුමක් ක්‍රියාත්මක කරන ලදී.

හමුදා බුද්ධි අංශ වෙත ලැබුණු තොරතුරක් මත යුද්ධ හමුදා කමාන්ඩෝ රෙජිමේන්තු භට පිරිස් විසින් මෙම විදේශිකයන් දෙදෙනා මුදා ගැනීමේ මෙහෙයුම දියත් කරන ලද අතර ඒ සඳහා කමාන්ඩෝ රෙජිමේන්තු භට පිරිස් ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහයෝගය ඇතිව 8 දෙනෙකුගෙන් සමන්විත කුඩා කණ්ඩායම් 2 ක් සහ සංග්‍රාමික කිමිදුම් කණ්ඩායම් 2 ක් ද සහභාගි විය.මේ අතරතුර, නාවික තොරතුරු තාක්‍ෂණ අධ්‍යක්‍ෂ කොමදෝරු ප්‍රිියන්ත එදිරිසිංහ ඇතුළු ජ්‍යෙෂ්ඨ නාවික හමුදා නිලධාරින් 11 දෙනෙකුගෙන් සමන්විත නාවික හමුදා නිලධාරි කණ්ඩායමක් සඳුදා (10) දින මින්නේරිය, ‘දියකාවා - 2018’ ක්‍ෂේත්‍ර පුහුණු යුද අභ්‍යාස මුලස්ථානයේ සංචාරයක නිරත වු අතර එහිදී එම නාවික හමුදා නිලධාරින් හා ක්‍ෂේත්‍ර පුහුණු යුද අභ්‍යාස මුලස්ථානයේ නිලධාරින් අතර අත්දැකීම් සහ දැනුම හුවමාරු කරගන්නා ලදී.

මෙම ‘දියකාවා - 2018’ ක්‍ෂේත්‍ර පුහුණු යුද අභ්‍යාසයේ අධ්‍යක්‍ෂක වශයෙන් කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ෂංක රණවන කටයුතු කරයි. Best Nike Sneakers | Jordan 1 Mid Tropical Twist , Where To Buy , 554724-132 , Nike Air Max 96 green Men Running Shoes