Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

08th March 2018 15:59:31 Hours

කඳුබොඩ දී තවත් භාවනා වැඩසටහනක්

සන්නද්ධ හමුදා නිලධාරීන් සහ සෙසුනිලයින් තුල මානසික ඒකාග්‍රතාවය ඇතිකිරීමේ අරමුණින් යුද්ධ හමුදා මුලස්ථානයේ මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂක මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන ‘ලක්විරු අධ්‍යාත්මික සුවතා’ භාවනා වැඩසටහනේ තවත් එක් සැසියක් බ්‍රහස්පතින්දා (08) දින කඳුබොඩ, බවුන්සෙත් මානසික සුව සෙවන විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ දී පවත්වන ලදි.

යුද්ධ හමුදා කාන්තා බලකායේ නිලධාරිණියන් සහ කාන්තා සෙබළියන් මෙන්ම නාවික හමුදා සාමාජිකයින් ඇතුළු නිලධාරින් 7 ක් සහ සෙසුනිලයින් 80 ක් මෙම එක් දින භාවනා වැඩසටහන සඳහා එක්ව සිටියහ.

මෙම භාවනා වැඩසටහන පූජ්‍ය දියසෙන්පුර විමල හිමි විසින් මෙහෙයවනු ලැබීය.

Sport media | Nike SB