Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

15th July 2018 09:00:17 Hours

කඳුකරයේ ඇතිවු හදිසි ගින්නෙන් අතරමන්වූ පිරිස භට පිරිස් විසින් බේරාගනි

මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ භට පිරිස්, සිකුරාදා (13) දින සන්ධ්‍යාවේ හල්දුමුල්ල, වන්ගෙඩිගල ප්‍රදේශයේ කඳුකරය ආශ්‍රිත වේගයෙන් පැතිරගිය ගින්නක් මැඩපවත්වීමේ මෙහෙයුමක් දියත් කරනු ලැබීය. එහිදි භට පිරිස් විසින් කඳුකරයේ සංචාරයක නිරතව අතරමන්ව සිටි කණ්ඩායමක් ද බේරාගැනීමට සමත් විය.

මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුක්මල් ඩයස් ගේ උපදෙස් මත නිලධාරියෙකු සහ සෙසුනිලයින් 20 දෙනෙකුගෙන් සමන්විත භට පිරිස් කණ්ඩායමක් සිද්ධිය සැලවු වහාම යුහුසුළුව එම ස්ථානයට ළඟාවී පැය කිහිපයක් තුල ගින්න මැඩපැවැත්වමින් කඳුකරයේ අතරමන්ව සිටි කණ්ඩායම බේරාගැනීම සඳහා කටයුතු කරනු ලැබීය.

මෙම ගින්න මැඩපැවත්වීම සඳහා ප්‍රදේශයේ සිවිල් වැසියන්ගේ ද පූර්ණ සහයෝගය හිමිවිය. affiliate link trace | Ανδρικά Nike