Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

02nd May 2016 19:31:15 Hours

කණිෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් සඳහා නැගෙනහිර ආරක්ෂක සේනාවෙන් වැඩමුළුවක්

නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 23 වන සේනාංකය විසින් කණිෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් සඳහා අප්‍රේල් මස 8 - 10 දින දක්වා තෙදින වැඩමුළුවක් පැවැත්වීය. කොමිෂන් නොලත් නිලධාරින්ගේ කාර්යභාරයන් පිළිබඳව දැනුම වර්ධනය කිරීමේ අරමුණින් ප්‍රායෝගික හා ලිඛිත ක්‍රියාකාරකම් ඇතුලත්ව මෙම වැඩමුළුව පැවැත් වූ අතර, එම ආරක්ෂක සේනාව යටතේ සිටින කණිෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් 210 දෙනෙක් ඊට සහභාගි වූහ. ඉංජිනේරු බලකායේ විශ්‍රාමික බලලත් නිලධාරින් 1 ‍කේ.එච්.ඒ සෙනෙවිරත්න විසින් එහි දේශන පැවැත්වීය. 23 වන සේනාංකයේ අනෙකුත් නිලධාරින් සහ සෙසු නිලයින් ද මීට සහභාගි වුහ.Sportswear free shipping | UOMO, SCARPE