Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

10th June 2018 21:00:54 Hours

කටානේ දී ‘විශ්‍රාමික ත්‍රිවිධ හමුදා ප්‍රවීණයන්ට’ ශ්‍රී ලංකා පාබල හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ ගෞරවය

ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් රුවන් කුලතුංග ගේ උපදෙස් මත එම රෙජිමේන්තුවේ සේවයේ නියුතු නිලධාරීන් සහ භට පිරිසක් කටාන, බොල්ලේගල ප්‍රදේශයේ පිහිටි රණවිරු වැඩිහිටි නිවාසයේ නේවාසික ත්‍රිවිධ හමුදා විශ්‍රාමික ප්‍රවීණයන් විසින් සිදු කරන ලද සේවය අගයමින් ඔවුනට කෘතඥතාව දැක්වීම සඳහා සිකුරාදා (08) දින සුහද සංචාරකය නිරත විය.

කටාන, රණවිරු වැඩිහිටි නිවාස පරිශ්‍රයට සපැමිණි ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් රුවන් කුලතුංග හා කැටුව පැමිණි බ්‍රිගේඩියර් ජේ.ආර්. අම්පෙමොහොට්ටි, බ්‍රිගේඩියර් කේ.ජේ. ජයවීර, ශ්‍රී ලංකා පාබල හමුදාවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එම්.එම්. කිත්සිරි සහ නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් ඩි.ඒ.කේ දිසානායක යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් එහි නේවාසිකව සිටින විශ්‍රාමික ප්‍රවීණයන් විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

මහා සංඝරත්නය විෂයෙහිලා දානමය පිංකමක් සංවිධානය කරන ලද අතර, එහි දි පූජ්‍ය මානිංගමුවේ ධම්මජෝති ස්වාමින් වහන්සේ විසින් හරවත් ධර්ම දේශනයක් පවත්වමින් පුරෝගාමීන් සහ විශ්‍රාමික ප්‍රවීණයන්ගේ සේවය අගය කිරීමේ වැදගත්කම ද සිහිපත් කළහ.

ඉන් අනතුරුව, කටාන, බොල්ලේගල ප්‍රදේශයේ පිහිටි රණවිරු වැඩිහිටි නිවාසයේ නේවාසික ත්‍රිවිධ හමුදා විශ්‍රාමික ප්‍රවීණයන් විසිදෙදෙනෙකු වෙත විශේෂ දිවා භෝජනයක් ද පිරිනැමීය.

එමෙන්ම, විශ්‍රාමික රණවිරුන් හට කැලිප්සෝ සංගීත රසාස්වාදය අත්වීදිමට සහ ගීත ගායනයට ඉඩ සළසා දුන් අතර, එමගින් ඔවුන්ගේ තනිකම කාන්සිය මොහොතකට හෝ මඟහැරවීමට කටයුතු කළහ.

මෙම වැඩසටහන අවසානයේ දී වැඩිහිටි නිවාසයේ නේවාසික සියලුම ත්‍රිවිධ හමුදා ප්‍රවීණයින් සඳහා අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය අඩංගු තෑගි පාර්සලයක් බැගින් පිරිනමනු ලැබීය.

මෙම වැඩිහිටි නිවාසය හිටපු ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ සංගමයක් මඟින් කරන ලද ඉල්ලීමකට අනුව වසර ගණනාවකට පෙර ස්ථාපිත කරන ලදී.

Best Nike Sneakers | Nike Air Max