Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

02nd January 2018 19:45:19 Hours

ඔඩ්ඩුසුඩාන් හින්දු කෝවිල් පරිශ්‍රය පිරිසිදු කිරීමට 64 වන සේනාංකයේ භට පිරිස්හි සහාය

මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 64 වන සේනාංකයේ භට පිරිස්, නව වසර උදාවීමට පෙර මුලතිව් ඔඩ්ඩුසුඩාන් කෝවිල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ ප්‍රජා සත්කාරක‘ශ්‍රමදාන’ව්‍යාපාරයක නිරත විය.

නව වසර උදාවත් සමඟ ආගමික වතාවත් සඳහා පැමිණේන බැතිමතුන්ගේ පහසුව පිණිස 64 වන සේනාංකයේ භට පිරිස් විසින් ප්‍රදේශවාසී ජනතාව ද සමඟින් එක්ව මෙම පූණ්‍ය කටයුත්ත ඉටු කරන ලදි.

64 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර ගේ උපදෙස් මත ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන සඳහා නිලධාරින් සහ සෙසුනිලයින් 100 කට අධික පිරිසක් සහභාගි විය.

මෙම ව්‍යාපෘතිය සඳහා මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු ද සියසහයෝගය ලබාදුන්හ.

Authentic Sneakers | nike