Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

07th January 2018 16:58:13 Hours

ඒඩ්ස් සහ ලිංගාශ්‍රිත රෝග පිළිබඳ කිලිනොච්චි සහ නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයන්හි භට පිරිස් දැනුවත් කෙරේ

ලිංගාශ්‍රිත රෝග සහ එච්.අයි.වී ඒඩ්ස් පිළිබඳව භට පිරිස් දැනුවත් කිරීමේ වැඩමුළු දෙකක් ජෝන් කීල්ස් පූණ්‍යාධාර පදනමේ අනුග්‍රහයෙන් කිලිනොච්චි සහ නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයන්හි පවත්වන ලදි.

කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන විසින් කරන ලද ඉල්ලීමකට අනුව එම පදනමේ නියෝජිතයින් පිරිසක් කිලිනොච්චි ‘නෙළුම්පියස’ ශ්‍රවණාගාරයේ දී එච්.අයි.වී ඒඩ්ස් සහ සම්පෝෂණ රෝග පිළිබඳ භට පිරිස් දැනුවත් කරනු ලැබීය.

පළමු සැසිවාරය කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත ඒකක, කිලිනොච්චි ඉදිරි නඩත්තු පෙදෙසට සහ 66 වන සේනාංකය යටතේ රාජකාරින් ඉටුකරන භට පිරිස් ඉලක්ක කරමින් පවත්වන ලදි. උදෑසන පැවැති මෙම සැසිවාරයසඳහා නිලධාරින් 30 ක් සහ සෙසුනිලයින් 1000 කට අධික පිරිසක් සහභාගි වූහ. එමෙන්ම, සන්ධ්‍යාවේ පැවැති දේශනය සඳහා 57 වන සේනාංකයේ සහ 65 වන සේනාංකයේ සේවයේ නියුතු නිලධාරින් 30 ක් සහ සෙසුනිලයින් 1000 ක් පමණ සහභාගි විය.

මෙම දේශන අවසානයේ,ජෝන් කීල්ස් පූණ්‍යාධාර පදනමේ නියෝජිතයන් පැවැත්වූ දේශන අගයමින් කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති විසින් සමරු තිළිණ ප්‍රදානයක් ද සිදුවිය.

මීට අමතරව, සිකුරාදා (05) දින මෙවැනිම තවත් ලිංගාශ්‍රිත රෝග සහ එච්.අයි.වී ඒඩ්ස් පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ දී ජෝන් කීල්ස් පූණ්‍යාධාර පදනම විසින් පවත්වන ලදි.

මෙම දේශනය නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සන්තුෂිත පනන්වල ගේ ඉල්ලීමකට අනුව ජෝන් කීල්ස් පූණ්‍යාධාර පදනමේ එච්.අයි.වී ඒඩ්ස් පිළිබඳ මාර්ගෝපදේශක අවින් පෙරේරා මහතා විසින් පවත්වනු ලැබීය.

නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු 350 කට අධික භට පිරිසක් මෙම දේශනය සඳහා සහභාගි වූ අතර, දේශකයින්ට ඇගයුම් සමරු තිළිණ ප්‍රදානය කරමින මේජර් ජෙනරාල් සන්තුෂිත පනන්වල, ඔවුන්ගේ දායකත්වය පැසසුමට ලක් කළහ.

Authentic Sneakers | Vans Shoes That Change Color in the Sun: UV Era Ink Stacked & More – Fitforhealth News