Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

25th February 2018 23:16:33 Hours

එවරස්ට් කඳු තරණයේ අත්දැකීම් වලට සවන්දී කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථාන සෙබළුන් ප්‍රබෝදමත් විය

ප්‍රසිද්ධ කඳු තරණය කරන්නන් වන ජයන්ති කුරුඋතුම්පල මහත්මිය සහ ජොහාන් පීරිස් මහතා විසින් ‘එවරස්ට් කඳු ශිඛරයට ලඟාවීමේ’ අත්දැකීම පිළිබඳ දේශණ 2 ක් කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථාන ‘නෙළුම්පියස’ ශ්‍රවණාගාරයේදී සිකුරාදා (23) දින පැවැත්වූ අතර ඒ සඳහා නිලධාරින් සහ සෙසුනිලයින් පිරිසක් සහභාගි වූහ.

එවරස්ට් කඳු ශිඛරයට ලඟාවූ ප්‍රථම ආසියාතික සහ ප්‍රථම ශ්‍රි ලාංකික කාන්තා වන්නේ ජයන්ති කුරුඋතුම්පල මහත්මියයි.

කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථාන ශ්‍රවණාගාරයේදී නිලධාරින් සහ සෙසුනිලයින් සඳහා පැය බැගින් දේශණ 2 ක් සිකුරාදා (23) දින පැවැත්වීය. මෙම ආශ්වාදනීය දේශන සැසියේදී හා පසුව පැවති සාකච්ඡාවේදී තම රාජකාරියෙන් ඔබ්බට යමින් නව අදහස් පිළිබඳ ‍අධ්‍යයනය කිරිමට අවස්ථාව හිමිවිය.

කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන ඉදිරිපත් කළ යෝජනාවකට අනුව මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.

දේශණය අවසානයේදී කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථාන බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි බ්‍රිගේඩියර් ජගත් රත්නායක විසින් ජයන්ති කුරුඋතුම්පල මහත්මිය සහ ජොහාන් පීරිස් මහතා වෙත සමරු තිළිණ පිලිගැන්වීය. මෙම දේශණ සඳහා නිලධාරින් 150 හා සෙසුනිලයින් 670 සහභාගි වූහ.

best Running shoes | Jordan Ανδρικά • Summer SALE έως -50%