Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th July 2018 21:19:18 Hours

එක්සත් ජාතින්ගේ දේශපාලන කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ ආසියානු පැසිෆික් අධ්‍යක්‍ෂතුමිය යුද්ධ හමුදාධිපතිතුමන් හමුවේ

නිව් යොර්ක් හී පිහිටි එක්සත් ජාතින්ගේ දේශපාලන කටයුතු දෙපාර්තමේන්තුවේ ආසියානු පැසිෆික් අධ්‍යක්‍ෂිකා මාරි යමෂිටා මහත්මිය (Ms Mari Yamashita) සඳුදා (16) දින මධ්‍යයහනේ යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවූ අතර එහිදි යුද්ධ හමුදාව වර්තමානයේ ක්‍රියාත්මක කරනු ලබන සංහිඳියා ව්‍යාපෘතින් මෙන්ම ඉඩම් නිදහස් කිරීමේ කටයුතු පිළිබඳව ඇය ප්‍රසංශාවට ලක් කරමින් අදහස් හුවමාරු කර ගන්නා ලදි.

යුද්ධයෙන් පීඩාවට පත් ප්‍රදේශයන්හි සිවිල් වැසියන්ගේ යහපත උදෙසා යුද්ධ හමුදාව විසින් ක්‍රියාත්මක කරනු ලබන සුභසාධන ව්‍යාපෘතින් පිළිබඳව මෙන්ම එම ව්‍යාපෘතින්හි වත්මන් ප්‍රගතිය පිළිබඳව ද මෙම සාකච්ඡාව අතරතුර දී යුද්ධ හමුදාධිපතිතුමන් විසින් එක්සත් ජාතීන්ගේ සාමසාධක බලකා කාර්යාලයේ සේවයේ නියුතු මාරි යමෂිටා මහත්මිය දැනුවත් කරන ලදි.

මෙම සාකච්ඡාවේ දි, ශ්‍රී ලංකාවේ සාම සාධක බළඇණි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාම සාධක රාජකාරීන් සඳහා යෙදවිමේ දී අතපසු වී ඇති ක්‍රියාදාමයන් සහ ඒවා නිරාකරණය කර ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ගයන් පිළිබඳව සොයා බලන බවට එතුමිය පොරොන්දු විය. තවද, මෙම සුහද හමුවේදී පශ්චාත් යුද සමයේ ආරක්‍ෂක කටයුතු ඉහළ නැංවීම සඳහා මෙන්ම සාමය ගොඩනැගීමේ ක්‍රියාදාමයන්ට ආදාළව හමුදාවේ වගකීම හා කාර්යභාර්ය පිළිබඳව ද අවධානය යොමු කෙරිණි.

මෙම සුහද හමුව අවසානයේ, යුද්ධ හමුදාධිපතිතුමන් විසින් මෙම අවස්ථාව සංකේතවත් කරමින් මාරි යමෂිටා මහත්මිය වෙත සංකේතාත්මක සමරු තිළිණයක් ප්‍රදානය කළ අතර, එතුමිය යුද්ධ හමුදාධිපති කාර්යාලයෙන් නික්මයාමට පෙර විශේෂ අමුත්තන් සඳහා වූ පොතේහි සමරු සටහනක් තැබීමට ද අමතක නොකළහ.

මෙම සුහද හමුව සඳහා එක්සත් ජාතිසන්ගේ නියෝජිතවරියක් සහ විදේශ මෙහෙයුම් අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් මර්වින් පෙරේරා ද එක්ව සිටියහ.

bridgemedia | Nike