Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th December 2017 13:50:19 Hours

උතුරේ ජනතාවට විවිධත්වයෙන් යුත් ආහාර රසවිදිමට අවස්ථාවක්

යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් මෑත ඉතිහාසයේ ප්‍රථම වතාවට සංවිධානය කරන ලද ‘යාපනය සූපවේදී උත්සවය’ උතුරු පළාත් හෝටල් සංගමයේ සහයෝගීත්වයෙන් යාපනයේ බලකොටුව ඉදිරිපිට දෙසැම්බර් මස 15-17 දිනවලදී පැවැත්විණ.

යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චිගේ උපදෙස් මත යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් සංවිධානය කරන ලද මෙම මහා රස උදානයට දිවයිනේ විවිධ පළාත්වල හෝටල්කරුවන් විශාල පිරිසක් සහභාගී විය.

මෙම රස උදානය අද (17) සවස අවසන් වූ අතර, මෙරට ආහාර පිසීමේ විවිධත්වය අත්විඳීමට හා සොයාබැලීමට යාපනයේ ජනතාවට අවස්ථාවක් ලැබුණි.

මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ ගරු. උතුරු පළාත් ආණ්ඩුකාර රෙජි‍නෝල්ඩ් කුරේ මැතිතුමා විසින් සිකුරාදා (15) මෙම උත්සවයේ ආරම්භය සනිටුහන් කළ අතර, මේ සඳහා යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජනරාල් දර්ශන හෙට්ටිආරච්චි, ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිළධාරීන්, නිළධාරීන්, රජයේ නිලධාරීන්, සිවිල් වැසියන් හා හමුදා සාමාජිකයන් රැසක් සහභාගී විය.

‘අග්නි’ සංගීත කණ්ඩායම විසින් ඉදිරිපත් කරන ලද සංගීත හා නර්තන අංගයන්ගෙන් සමන්විත ‘සංහිඳියාවේ රිද්මය’ (රිදම් ඔෆ් හාර්මනි) වර්ණවත් සංගීත ප්‍රසංගය සෙනසුරාදා (16) දින සවස පැවැත්වුණු අතර, උතුරු පළාතේ තරුණ තරුණියන්ගේ කුසලතා ප්‍රවර්ධනය කිරීම මෙහි අරමුණ විය.

එසේම, යාපනය අගරදගුරු හිමිපාණන්ගේ මගපෙන්වීම යටතේ යාපනයේ කතෝලික පල්ලි ඒකාබද්ධව ශ්‍රී ලංකා යුද්ධ හමුදා කැරොල් කණ්ඩායම සහ ප්‍රාදේශීය කැරොල් කණ්ඩායම් ද සමගින් ඉරිදා (17) දින සන්ධ්‍යාවේ නත්තල් කැරොල් ප්‍රසංගයක් ද සංවිධානය කරන ලදි.

Nike air jordan Sneakers | Women's Nike Air Force 1 Shadow trainers - Latest Releases , Ietp