Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

22nd March 2017 22:20:24 Hours

ඉන්දු- ශ්‍රී ලංකා යුද හමුදා මාණ්ඩලික සාකච්ඡාව ආරම්භ වේ.

හයවන වරටත් වාර්ෂිකව පවත්වනු ලබන ඉන්දු- ශ්‍රී ලංකා යුද හමුදා මාණ්ඩලික සාකච්ඡාව අද (22) උදැසන කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රන ශාලාවේදී ආරම්භ වු අතර, ඉන්දු-ශ්‍රී ලංකා යුද හමුදා අතර දිනෙන් දින වර්ධනය වන ද්විපාර්ශවික හමුදාමය සහයෝගිතාවය සහ හිතවත්කම ප්‍රදර්ශණය කිරිමේ තවත් අවස්ථාවක් ලෙස පවත්වනු ලබන මෙම සමුළුවේ දී පුහුණු ආකෘතින් හුවමාරු කර ගැනිම, කාර්මික අංශයන් හී යටිතල පහසුකම් සංවර්ධන දැනුම ලබාගැනිම සහ සුභ සාධන වැඩසටහන් පිළිබඳව වැඩි අවධාණයක් යොමු කිරිමට නියමිතය.

මෙම තෙදින සමුළුව සඳහා සහභාගි වන ඉන්දිය යුද හමුදා නියෝජිත පිරිසේ හී නායකත්වය මේජර් ජෙනරාල් සංජය තාපා විසින් දරණු ලබන අතර, ශ්‍රී ලංකා යුද හමුදා නියෝජිත පිරිසේ හී නායකත්වය මේජර් ජෙනරාල් ඒ.පි.ද ඉසේඩ් වික්‍රමරත්න විසින් දරනු ලැබේ.

සිව්දෙනෙකුගෙන් යුත් ඉන්දිය නියෝජිත පිරිස විසින් දෙරටේ හමුදාවන් මඟින් මේ දක්වා ක්‍රියාවට නංවා ඇති ද්විපාර්ශික වටිනාකමකින් යුත් කරුණු පිළිබඳ ප්‍රගතිය ඇගයිම මෙන්ම ඉදිරි වසර සඳහා ක්‍රියාවට නැංවිමට බලාපොරොත්තු වන වැඩසටහන් සඳහා සැලසුම් සකස් කිරිමට නියමිතය.

ප්‍රථම දින වැඩසටහන සම්ප්‍රදානුකුලව ශ්‍රී ලංකා යුද හමුදාවේ අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරාල් ඒ.පි. ද ඉසේඩ් වික්‍රමරත්න විසින් පිළිගැනිමේ කතාවක් සිදු කරමින් ආරම්භ කරන ලද අතර, ඉන් අනතුරුව, ආරම්භක දේශනය ඉන්දිය යුද හමුදා නියෝජිත පිරිසේ ප්‍රධානි මේජර් ජෙනරාල් සංජය තාපා විසින් සිදු කරන ලදි.

ඉන් අනතුරුව, දිවා ආහාර සඳහා සමුළුව නතර කරනු ලබන තෙක්, පෙර වසරේ පවත්වන ලද 5 වන සැසිවාරයේ හී පසු විපරම් කටයුතු පිළිබඳව සාකච්ඡා කරන ලද අතර, නැවත දිනයේ අපරභාගයේ දී නියෝජිත දෙපිරිස විසින් ඉදිරි වසර සඳහා ක්‍රීඩා හුවමාරු කටයුතු පිළිබඳව සාකච්ඡා කිරිම සිදු කරන ලදි.

මෙම සමුළුව සදහා ශ්‍රී ලංකා යුද හමුදාව වෙනුවෙන් පහත සඳහන් ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහභාගි වනු ලබයි. අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරාල් ඒ.පි.ද. ඉසේඩ් වික්‍රමරත්න, යුද සේවා ලේකම් මේජර් ජෙනරාල් පි.ඩබ්.වි. ජයසුන්දර, යුද හමුදා ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් පි.එම්.ආර්. බණ්ඩාර, යුද හමුදා පුහුණු අධ්‍යක්ෂක බ්‍රිගේඩියර් ජි.වි.රවිප්‍රිය, යුද හමුදා පුහුණු අණසක හී බ්‍රිගේඩියර් මුලධර්ම සහ සංවර්ධන බ්‍රිගේඩියර් එන්. හතුරුසිංහ, යුද හමුදා විනිසුරු අධිනිතිඥ ජෙනරාල් බ්‍රිගේඩියර් ආර්.පි. රාජපතිරන, අතිරේක යුද සේවා ලේකම් 2 බ්‍රිගේඩියර් එස්.කේ. ඊස්වරන්, යුද හමුදා නිති සේවා අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් ඊ.එස් . ජයසිංහ, කර්නල් යුද සේවා ලේකම් කර්නල් ඒ.එස්. වික්‍රමසේන.

තවද, ඉන්දිය යුද හමුදාව නියෝජනය කරමින් මෙම අවස්ථාව සඳහා අධ්‍යක්ෂ ජෙනරාල් මුල්‍ය සැලසුම් මේජර් ජෙනරාල් සංජය තාපා, ලුතිතන් කර්නල් සිදාර්ත් තොමර්, ලුතිතන් කර්නල් ජි.එස්. ක්ලෙයාර් සහ මේජර් සන්දිප් බහාරද්වාජ් සහභාගි වන ලදි.

දෙරටේ හමුදාවන් හී සහයෝගිතාව හොදින් වර්ධනය කිරිමේ අරමුණු පෙරදැරි කරගනිමින් ක්‍රියාත්මක කරනු ලැබු මෙම ඉන්දිය- ශ්‍රී ලංකා යුද හමුදාවන් අතර මාණ්ඩලික සාකච්ඡාවන් හී ප්‍රථම සාකච්ඡාව 2012 වසරේ දී ඉන්දියාවේ නවදිල්ලි නුවර දී ආරම්භ කරන ලදි.

ඉන්දිය යුද හමුදාව විසින් වෙනත් රටවල් සමඟ ද මෙවැනිම මාණ්ඩලික සාකච්ඡාවන් වාර්ෂිකව පැවැත්විම සිදු කරනු ලබයි.

වැඩි විස්තර සදහා

හයවන ශ්‍රී ලංකා-ඉන්දිය යුද හමුදා මාණ්ඩලික සාකච්ඡා සඳහා ඉන්දිය හමුදා නියෝජිතයින් පිරිසක් කොළඹට

හමුදා මාණ්ඩලික සාකච්ඡාවට පැමිණි ඉන්දිය යුද හමුදා නියෝජිතයන් යුද හමුදාපතිතුමන් හමුවේ.

Nike Sneakers | Nike