Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

17th May 2018 07:46:52 Hours

ඉන්දීය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ සංචාරයක

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සහ ඉන්දීය යුද්ධ හමුදාව අතර පවත්නා සහයෝගිතාවයේ සංකේතයක් ලෙස ඉන්දීය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් බිෆින් රාවට් (General Bipin Rawat) මෙරට සිදුකල සංචාරය අතරතුර බදාදා (16) දින උදෑසන දියතලාව පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ ද සංචාරයක නිරත විය.

එහි පැමිණි සංචාරක ඉන්දීය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් බිෆින් රාවට් වෙත කඳවුරු සම්මාන මුරයක් පිරිනැමු අතර ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ සේනාවිධායක බ්‍රිගේඩියර් ප්‍රියන්ත සේනාරත්න විසින් එතුමන්ව උණුසම් අයුරින් පිළිගනු ලැබීය.

අනතුරුව, ඉන්දීය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී තුමන් රට වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන් සිහිපත් කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨ පරිශ්‍රයේ පිහිටි රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර පුද කරන ලදි.

තවද, මෙම සංචාරය සංකේතවත් කරමින් ඉන්දීය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨ පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළ අතර, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ කෙඩෙට් නිලධාරි පුහුණු අංශයේ අණදෙන නිලධාරි කර්නල් අජිත් වික්‍රමසේකර විසින් එහි කාර්යභාර්ය පිළිබඳ ඉන්දීය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි දැනුවත් කිරීම ද එහිදි සිදුකළහ.

සංචාරක ඉන්දිය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ පුහුණුව ලබන කෙඩෙට් නිලධාරින් සමඟ සුහදව අදහස් හුවමාරු කරගත් අතර, මෙම සංචාරය සිහිවනු වස් සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය.

Nike air jordan Sneakers | Yeezy Boost 350 Trainers