Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

18th May 2018 19:41:13 Hours

ඉන්දීය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී දිවයිනෙන් පිටත්ව යයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ ආරාධනයකට අනුව ශ්‍රී ලංකාවට සපැමිණි ඉන්දිය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් බිෆින් රාවට් (General Bipin Rawat) ඇතුළු නියෝජිත පිරිස නොමැකෙන මතකයන් රාශීයක් එක් කරමින් සිකුරාදා (13) දින උදෑසන දිවයිනෙන් පිටත්ව ගියහ.

මෙම නියෝජිත පිරිසේ ප්‍රධානී ජෙනරාල් බිෆින් රාවට් (General Bipin Rawat), එම මැතිණිය මධුලිකා රාවට් (Mrs Madhulika Rawat), මේජර් ජෙනරාල් ප්‍රීති සිං (Major General Prithi Singh), බ්‍රිගේඩියර් මුකේෂ් අග්රවාල් (Brigadier Mukesh Aggarwal) සහ මේජර් අන්ෂුල් අල්වට් (Major Anshul Ahlawat) ඉරිදා (13) දින දිවයිනට පැමිණි අවස්ථාවේ උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. නියෝජිත පිරිස ශ්‍රී ලංකාවේ සිදු කල සංචාරය අතරතුර අතිගරු ජනාධිපතිතුමන්, අග්‍රමාත්‍යතුමන්, ආරක්‍ෂක ලේකම්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපතිතුමන්, නාවික හමුදාධිපතිතුමන්, ගුවන් හමුදාධිපතිතුමන්, නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් හමුවූ අතර ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨය ඇතුළු තවත් ස්ථාන කිහිපයක සංචාරය කළහ. ඒ අනුව, සඳුදා (14) දින උදෑසන ඉන්දීය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී වෙත යුද්ධ හමුදා සම්මාන ආචාර පෙළපාලියක් ද පිරිනමනු ලැබූ අතර එතුමන් සමඟින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපතිතුමන් රාත්‍රි භෝජන සංග්‍රහයක් සඳහා ද සහභාගි විය.

දිවයිනෙන් පිටත්ව යන සංචාරක ඉන්දීය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ඇතුළු නියෝජිත පිරිසට හමුදා සම්ප්‍රදායානුකුලව සුභ පැතුම් එක් කිරීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සමඟින් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි චන්ද්‍රකා සේනානායක මහත්මිය ද කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත පැමිණ සිටියහ.

ගුවන් තොටුපලේ විශේෂ පුද්ගලයින් සඳහා වෙන්වූ පිඨිකාවේ දී ජෙනරාල් බිෆින් රාවට් සිය සංචාරය සඳහා ලබාදුන් සහයෝගය ඇගයුමට ලක් කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත ස්තුතිය පුද කළහ. එහිදි යුද්ධ හමුදාධිපතිතුමන්, මෙම සංචාරය සිහිවනු වස් ඉන්දිය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ශ්‍රී ලංකා සංචාරය අලලා ගනු ලැබූ ඡායාරූප ඇල්බමයක් ද පිරිනමනු ලැබීය.

සංචාරක ඉන්දිය නියෝජිත පිරිස දිවයිනෙන් පිටත්ව යන අවස්ථාවේ දී ගුවන්තොටුපල වෙත ජ්‍යෙෂ්ඨ සම්බන්ධිකරණ නිලධාරි මේජර් ජෙනරාල් අරුණ සුදසිංහ සහ ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු ද පැමිණ සිටියහ.

මෙම සංචාරය,  බුදුදහමේ ආධිපත්‍යය සහිත ජාතීන් දෙකක අතර පවත්නා සහයෝගිතාව තවදුරටත් ප්‍රවර්ධනය කිරීම සඳහා වූ අභිලාෂයක් ලෙස දැක්විය හැකිය. ශ්‍රී ලංකාව විසින් සිදුකරනු ලැබු විධිමත් ආරාධනයට ප්‍රතිචාර ලෙස ජෙනරාල් බිෆින් රාවට් සිය සංචාරය සඳහා එක්විය.

latest Nike Sneakers | NIKE