Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

18th May 2018 13:01:53 Hours

ඉන්දීය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී අතිගරු ජනාධිපතිතුමන් හමුවේ

මෙරට සංචාරයක නිරත ඉන්දීය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් බිෆින් රාවට් සිය ශ්‍රී ලංකා සංචාරයේ අවසන් දින (18) උදෑසන අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී හමුවිය.

අතිගරු ජනාධිපතිතුමන් විසින් ඉන්දීය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී උණුසුම් අයුරින් පිළිගන්නා ලද අතර ඔවුන් අතර සුහද අදහස් හුවමාරුවක් ද සිදුවිය. ශ්‍රී ලංකාවේ පශ්චාත් යුද සමයේ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව මෙන්ම අනෙකුත් සේවා ආයතනයන් විසින් ලබාදෙන්නා වූ සහයෝගය පිළිබඳව තමන් විමතියට පත් වු බැව් ඉන්දීය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් බිෆින් රාවට් විසින් අතිගරු ජනාධිපතිතුමන් වෙත පවසා සිටියහ.

අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් විසින් දෙරටේ ආරක‍්‍ෂක හමුදාවන් හි පවත්නා සුහදශීලිත්වය සහ අවබෝධය සැබැදිව මෙහිදී සිහිපත් කරන ලද අතර අතීතයේ ශ්‍රී ලංකාවේ බුදු දහමෙන් පොහොසත් වූ සංස්කෘතික විවිධත්වයක් ස්ථාපනය කිරීම උදෙසා ඉන්දීයාවෙන් ලද දායකත්වය සැබැදිව සිය මතකයන් ද අවදි කරන ලදී.

එමෙන්ම අනාගතයේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට අවශ්‍ය පුහුණුවීම් සඳහා තම ස‌හයෝගය නොපැකිලිව ලබාදෙන බැව් ඉන්දීය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී විසින් ප්‍රකාශ කර සිටි අතර, ඉතාමත් කාර්ය බහුල අවස්ථාවක දී වුවද අතිගරු ජනාධිපතිතුමන් හමුවීමට අවස්ථාවක් ලබාදීම සම්බන්ධයෙන් සිය කෘතඥතාවය පුද කර සිටින ලදී.

මෙම හමුව සංකේතවත් කරමින් ඉන්දීය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී හා අතිගරු ජනාධිපතිතුමන් අතර සමරු ඵලක හුවමාරුවක් ද සිදුවු අතර, අතිගරු ජනාධිපතිතුමන් විසින් මෙරට සංචාරයක නිරත වීම සම්බන්ධයෙන් ඉන්දීය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී වෙත සිය ප්‍රශංසාව පල කරන ලදී.

මෙම හමුව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ද එක්ව සිටියහ.

Sports Shoes | Top Quality adidas Yeezy 700 V3 "Eremiel" GY0189 , Ietp