Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

30th November 2015 18:05:32 Hours

ඉන්දීය යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි වෙත සිය ශ්‍රී ලංකා යුද හමුදාපතිගෙන් හමුදා ගෞරව සහිත උණුසුම් පිළිගැනීමක්

1987 දී ශ්‍රී ලංකාව ත්‍රස්ථවාදීන්ගෙන් මුදවා ගැනීම උදෙසා සාම ගිවිසුම අත්සන් කිරීමෙන් අනතුරව ඉන්දීය සාමසාධක හමුදාව දියත් කරනු ලැබූ ‘පවන්’ මෙහෙයුම සඳහා කණ්ඩායම් භාර නිළධාරීයෙක් ලෙස දායක වී සිය ප්‍රථම යුදබිම් අත්දැකීම ලබමින් මේ වන විට අවුරුදු 40 කට අධික කාලයක් ඉන්දීය යුද හමුදාවට මහඟු සේවාවක් ඉටු කරනු ලැබූ ඉන්දියාවේ 26 වන යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ඩල්බීර් සිං සඳුදා (30) උදෑසන යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ ආරාධනයෙන් යුද හමුදා මූලස්ථානයට පැමිණියේ සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියකින් හමුදා ගෞරවාචාර පුද ලබමිනි. යුද හමුදා මූලස්ථානයට පැමිණි ඉන්දීය යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් ඩල්බීර් සිං වෙත හමුදා සම්ප්‍රදායානුකූලව ආරක්ෂක අමාත්‍යාංශ ක්‍රීඩාංගනයේ දී ගජබා රෙජිමේන්තු සෙබලුන් විසින් දැකුම්කළු ආචාර සම්මාන මුරයක් සහ ආචාර සම්මාන පෙලපාලියක් පිරිනමනු ලැබීය. සම්මාන මුරය පිළිගැනීම සඳහා ඉන්දීය හමුදා ප්‍රධානි කැඳවා ගෙන යන ලද්දේ ගජබා රෙජිමේන්තුවේ අධිපති මේජර් ජෙනරාල් එස්.ඩබ්.එල් දවුලගල විසිනි. අනතුරුව යුද හමුදාපති කාර්යාලය වෙත පැමිණි ජෙනරාල් ඩල්බීර් සිං යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා විසින් උණුසුම් අයුරින් පිළිගනිමින් සිය ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන් ද හඳුන්වා දෙනු ලැබීය. මෙම අවස්ථාව සඳහා යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් ජගත් ඩයස්, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් මහින්ද අඹන්පොල ඇතුළු මාණ්ඩලික නිලධාරීහු රැසක් එක්ව සිටියහ. මෙහි දී ජෙනරාල් ඩල්බිර් සිං සහ ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා විසින් දෙරටටම බලපාන වැදගත් කරුණු රැසක් පිළිබඳ සාකච්ඡා සිදු කෙරුණ අතර, වර්ෂ 1987 දී එකල තරුණ නිලධාරියෙක් ලෙස ජෙනරාල් ඩල්බීර් සිං විසින් යාපනය, කිලිනොච්චි, මුලතිව් සහ වන්නි ප්‍රදේශවල පැවති එල්ටීටීඊ ත්‍රස්තවාදි ක්‍රියාකාරකම්වලට එරෙහි මෙහෙයුම්වල දී ඉන්දීය සාමසාධක හමුදාවේ කණ්ඩායම් භාර නිළධාරීයෙක් ලෙස ක්‍රියා කළ අන්දම මෙන්ම එහි දී ලද අත්දැකීම් සහ ඓතිහාසික සබඳතා ද මෙහි දී විශේෂයෙන් සිහිපත් කරනු ලැබීය. මේ වන විට කලාපය තුල උද්ගතව ඇති ත්‍රස්ත තර්ජන, සයිබර් ප්‍රහාර ආදි ගැටළු පිළිබඳව කරුණු හමුදා ප්‍රධානීන් දෙපල අතර සාකච්ඡාවට භාජනය කෙරුනු අතර, ඒවාට මුහුණ දෙන ආකාරය පිළිබඳව ද අවධාරනය කෙරිනි. මේ වන විට දෙපාර්ශවය අතර සිදු කෙරෙන පුහුණු වැඩසටහන් ඉදිරියේ දී අනාගතයට අවශ්‍ය ලෙස පුළුල් කරන ආකාරය ද කතාබහ කෙරිනි. ශ්‍රී ලංකා හමුදාවේ යුද තාක්ෂණය වැඩි දියුණු කිරීමට තම හමුදාවේ සහය ලබාදීමේ කටයුතු පිළිබඳව ද ජෙනරාල් සිං කරුණු ගෙනහැර දැක්වීය. මෙම සාකච්ඡා සඳහා හමුදා ලේකම් මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක, ආරාධිත හමුදා ප්‍රධානිගේ ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරි ලෙස ක්‍රියාකරන බටහිර ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ එක්ව සිටියහ. යුද හමුදාපති කාර්යාලයේ තබා ඇති විශේෂ අමුත්තන් සඳහා වු සමරු පොතෙහි සිය සංචාරය සිහිගන්වමින් සමරු සටහනක් තැබීමට ද ඉන්දීය යුද හමුදා ප්‍රධානි කටයුතු කළේය. එමෙන්ම දෙපාර්ශවය අතර සමරු තිළිණ හුවමාරු කර ගනිමින් සුහදත්වයට තවත් වැදගත්කමක් එක් කෙරිනි. තව ද ශ්‍රී ලංකා යුද හමුදාවේ කාර්යභාරයන් සහ පුහුණු කටයුතු ආදි වැදගත් කරුණු රැසක් අලලා සකස් කරන ලද ඉදිරිපත් කිරීමක් ද යුද හමුදාපති කාර්යාලයේ දී ජෙනරාල් සිං වෙත ඉදිරිපත් කරන ලද්දේ ශ්‍රී ලංකා යුද හමුදාවේ අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරාල් බී.ඒ පෙරේරා විසිනි. මෙම අවස්ථාව සඳහා යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් ජගත් ඩයස්, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් ඊ.එම්.එම් අඹන්පොල, ශ්‍රී ලංකා යුද හමුදා ස්වෙච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරාල් චන්න ගුණතිලක ඇතුළු මාණ්ඩලික නිලධාරීහු රැසක් එක්වූහ. ජෙනරාල් ඩල්බිර් සිං සමඟින් නමිතා සුහාග් මහත්මිය, මේජර් ජෙනරාල් ගෝපාල් ගුරන්, කර්නල් අමිතාබ් ජා සහ කපිතාන් එන්.කේ සරස්වත් මෙම නියෝජිත කණ්ඩායමට ඇතුලත් විනි. ඉන්දීය යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් ඩල්බීර් සිං දශක හතරක් මුළුල්ලේ ඉන්දීය යුද හමුදාව වෙනුවෙන් කළ අපරිමිත සේවය උදෙසා පරම විශිෂ්ට් සේවා පදක්කම, උත්තම විශිෂ්ට් සේවා පදක්කම, අති විශිෂ්ට් සේවා පදක්කම සහ විශිෂ්ට් සේවා පදක්කමෙන් මෙන්ම තවත් පදක්කම් රැසකින් පිදුම් ලබා ඇත. 1987 දී ශ්‍රී ලංකාව ත්‍රස්ථවාදීන්ගෙන් මුදවා ගැනීම උදෙසා සාම ගිවිසුම අත්සන් කර ඉන්දීය සාමසාධක භට කණ්ඩායම සමඟ ශ්‍රී ලංකාවට පැමිණි හෙතෙම එකල දියත් කල ක්‍රියාන්විත පිළිබඳව මතකය අවධි කරනු නිසැකය. එමෙන්ම ඉන්දීය සාමසාධක හමුදාව විසින් දියත් කරනු ලැබූ ‘පවන්’ මෙහෙයුමේ දී තරුණ නිලධාරියෙක් ලෙස සිටි හෙතෙම ප්‍රථම කණ්ඩායම් භාර නිළධාරියෙකු ලෙස භට පිරිස් මෙහෙය වූ අතර, එය ජෙනරාල් ඩල්බීර් සිං ගේ ප්‍රථම යුදබිම් ක්‍රියාන්විතය ද වේ. ඉන්දීය යුද හමුදා මාණ්ඩලික ප්‍රධානිගේ සංචාරයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය, ආරක්ෂක ලේකම්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, නාවික සහ ගුවන් හමුදාපතිවරු ඇතුළු පිරිසක් හමුවීමට නියමිතය. පලාලිහි ඉදි කොට ඇති ඉන්දීය සාමසාධක ස්මාරකයට ගෞරව දැක්වීමට ද නියමිතය. ජෙනරාල් සිංගේ පවුලේ පරම්පරා දෙකක් ඉන්දීය යුද හමුදාවේ කණිෂ්ඨ නිලතලවල සේවය කර ඇත. අනතුරුව අද (30) යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා හමුවීමෙන් අනතුරුව ඉන්දීය හමුදා ප්‍රධානි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා, ආරක්ෂක ලේකම් ඉංජි. කරුණසේන හෙට්ටිආරච්චි මහතා මෙන්ම නාවික හමුදා මූලස්ථානයේ දී නාවික හමුදාපති ද හමුවීමට සැලසුම් කොට ඇත. ජෙනරාල් ඩල්බීර් සිං පීවීඑස්එම්,යූවයිඑස්එම්,ඒවීඑස්එම්, වීඑස්එම්, ඒඩීසී ජෙනරාල් ඩල්බීර් සිං චිත්තගාර්හි සයිනික් පාසලේ ආදි සිසුවෙකු වන අතර, හෙතෙම වසර 1970 දී ජාතික ආරක්ෂක විද්‍යාලය වෙත ඇතුලත් වී ඇත. අනතුරුව 1974 වසරේ දී සාර්ථක යුද පුහුණුවකින් පසු අධිකාරියට පත්විය. ඔහු ඔස්මේනියා විශ්ව විද්‍යාලයෙන් කළමනාකරණ අධ්‍යනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය හදාර ඇති අතර, චෙන්නායි විශ්ව විද්‍යාලයෙන් උපාය මාර්ගික අධ්‍යන ශාස්ත්‍රපති උපාධිය ද හදාරා ඇත. එමෙන්ම ඉන්දියාවේ දී සහ විදෙස් රටවල් රැසක දී විවිධ පාඨමාලා හදාරා ඇති අතර, ඒ අනුව සිකන්දරාබාද්හි දී දීර්ඝ ආරක්ෂක කළමනාකරණ පාඨමාලාව ද නව දිල්ලියෙහි දී ජාතික ආරක්ෂක පාඨමාලාව ද, ඇමෙරිකා එක්සත් ජනපදයේ දී විධායක නිළධාරී පාඨමාලාව සහ කෙන්යාවේ දී ජ්‍යෙෂ්ඨ නායක පාඨමාලාව ද හදාරා ඇත. දශක හතරක් පුරා විහිදුනු හමුදා දිවිය තුළ ජෙනරාල් ඩල්බීර් සිං උතුරු නැගෙනහිර සහ ජම්මු කාශ්මීර් හි සටන්කාමීන්ට එරෙහිව ප්‍රතිත්‍රස්ථ මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලැබූ අතර, අණ හා මාණ්ඩලික තනතුරු රැසක් ද හොබවනු ලැබීය. එමෙන්ම එකල ශ්‍රී ලංකාවේ එල්ටීටීඊ ත්‍රස්ථවාදීන්ට එරෙහිව දියත් කළ ‘පවන්’මෙහෙයුමේ කණ්ඩායම් භාර නිළධාරී ලෙස ක්‍රියා කර ඇති අතර, කාශ්මීර නිම්නයේ පැවති කැරැල්ලේ දී රාශ්ට්‍රිය රයිෆල් බළඇණියේ සහ පාබල බලසේනාවේ සාමාජිකයෙකු ලෙස ද ක්‍රියා කර ඇත. ඔහු ඉහළ උන්නතාංශ ප්‍රදේශවල, ජම්මු සහ කාශ්මීරයේ අතිශය දුෂ්කර කඳු ආශ්‍රිත ප්‍රදේශයන්හි කරනු ලැබූ සේවය වෙනුවෙන් ද ගෞරවය පිරිනමා ඇත. ඉන්දු - චීන දේශ සීමාරාජකාරී මෙන්ම, නැගෙනහිර ප්‍රධාන අණදෙන නිලධාරි ලෙස ද රාජකාර ඉටු කර ඇත. මොහු 2014 ජුලි මස 31 වන දින ඉන්දියාවේ 26 වන යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස වැඩ භාරගත් අතර, යුද හමුදාව වෙනුවෙන් කළ අපරිමිත සේවය උදෙසා පරම විශිෂ්ට් සේවා පදක්කම, උත්තම යුද සේවා පදක්කම, අති විශිෂ්ට් සේවා පදක්කම සහ විශිෂ්ට් සේවා පදක්කමෙන් පිදුම් ලබා ඇත. දක්ෂ ක්‍රීඩකයෙකු වන මොහු යතුරු පැදි ධාවනයට සහ පිහිනීමට දස්කම් දක්වන අතර, දිල්ලි විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා උපාධිධාරිනියක වන නමිතා සුහාග් මහත්මිය සමඟ විවාහ වී ඇත.affiliate tracking url | Asics Onitsuka Tiger