Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th December 2017 18:05:46 Hours

ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානි යුද්ධ හමුදාධිපති හමුවේ

දින 05 ක සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දියානු ගුවන් හමුදාවේ ගුවන් මාණ්ඩලික ප්‍රධානි එයාර් චිෆ් මාර්ෂල් බිරෙන්දර් සිං දානෝ පිවිඑස්එම් ඒවිඑස්එම් වයිඑස්එම් විඑම් ඒඩිසි (Air Chief Marshal Birender Singh Dhanoa PVSM AVSM YSM VM ADC) සඳුදා (11) දින උදෑසන යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.

යුද්ධ හමුදා මූලස්ථානයට සපැමිණි ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානි පිළිගැනීම යුද්ධ හමුදා මූලස්ථාන විධායක ජෙනරාල් මේජර් ජෙනරාල් ශ්‍රවේන්ද්‍ර සිල්වා විසින් සිදු කරනු ලැබීය.

එයාර් චිෆ් මාර්ෂල් බිරෙන්දර් සිං දානෝ වෙත ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු භට පිරිස් විසින් කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක් පිරිනැමීය. ඉන් අනතුරුව හමුදා ලේකම් කාර්යාලය අභියස දී ඉන්දියන් ගුවන් හමුදා ප්‍රධානි පිළිගත් යුද්ධ හමුදාධිපති, සිය ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන් එතුමන් වෙත හඳුන්වාදෙනු ලැබීය.

හමුදා ලේකම් කාර්යාලය අභියස දී ඉන්දියන් ගුවන් හමුදා ප්‍රධානි පිළිගත් යුද්ධ හමුදාධිපති, සිය ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන් එතුමන් වෙත හඳුන්වාදෙනු ලැබීය.

මෙම හමුවේ දී දෙරටේ සහයෝගිතාව සහ ද්විපාර්ශ්වික වැදගත්කම පිළිබඳව කරුණු සාකච්ඡා කළ අතර, ඉන්දීය ගුවන් හමුදාවේ තවත් නිලධාරීන් දෙදෙනෙකු ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

සංචාරක ඉන්දිය ගුවන් හමුදා ප්‍රධානි නික්ම යාමට ප්‍රථම විශේෂ අමුත්තන් සඳහා වූ පොතෙහි අත්සන් තැබූ අතර, යුද්ධ හමුදාධිපති සහ එතුමා අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.

best Running shoes brand | Nike Shoes, Sneakers & Accessories