Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

17th May 2018 13:45:37 Hours

ඉන්දිය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී සංඥා පුහුණු පාසලේ සංචාරය කරමින් ඵෛතිහාසික මතකයන් එක් කලේය

සංචාරක ඉන්දිය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් බිෆින් රාවට් (General Bipin Rawat) අඟහරුවාදා (15) දින නුවර, බූවැලිකඩ ප්‍රදේශයේ ස්ථානගත ශ්‍රී ලංකා යුද්ධ හමුදා සංඥා බලකා පුහුණු පාසලේ සංචාරයක නිරතවිය. එහිදි එම පුහුණු පාසලට නව පරිච්ජේදයක් එක් කරමින් නවතමයෙන් ඉදිකරන ලද තාක්‍ෂණික පුහුණු විද්‍යාගාරය (Technology Training Laboratory) එතුමන් සුරතින් විවෘත කර ඵෛතිහාසික මතකයක් තබනු ලැබීය.

මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස් විසින් පුහුණු පාසල් පරිශ්‍රයට සපැමිණි සංචාරක ඉන්දිය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී හෙළියානා පථයේ දී උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

සංචාරක ඉන්දිය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ශ්‍රී ලංකා යුද්ධ හමුදා සංඥා පුහුණු පාසල් ප්‍රධාන දොරටුව අභියස දී පිරිනමනු ලැබු කඳවුරු සම්මානය පසුකරගෙන (drive-past) පැමිණි අතර මෙම ව්‍යාපෘතියේ නියමුවානන් වන ශ්‍රී ලංකා සංඥා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් අජිත් විජේසිංහ විසින් ඉන්දිය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මෙන්ම මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. එමෙන්ම, ප්‍රධාන සංඥා නිලධාරි මේජර් ජෙනරාල් නිලන්ත හෙට්ටිආරච්චි සහ ශ්‍රී ලංකා සංඥා පුහුණු පාසලේ වැඩබලන සේනාවිධායක කර්නල් රවි හේරත් ද එම අවස්ථාවට සහභාගි විය.

ඉන්පසුව, පුහුණු පාසලේ සේවයේ නියුතු නිලධාරින් සංචාරක ඉන්දිය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී වෙත හඳුන්වාදීමෙන් අනතුරුව සම්ප්‍රදායානුකුල වෙස් නර්තන ශීල්පින්ගෙන් සැඳුම්ලත් වර්ණවත් පෙරහැරකින් නවතමයෙන් ඉදිකරන ලද තාක්‍ෂණික විද්‍යාගරය විවෘත කිරීම සඳහා එතුමන් කැටුව යන ලදි.

අනතුරුව, ජෙනරාල් බිෆින් රාවට් සම්ප්‍රදායානුකුල බෙරවාදනය මධ්‍යයේ සමරු ඵලකය නිරාවරණය කරමින් සංකේතාත්මක පීත්ත පටිය කපා නව තාක්‍ෂණික විද්‍යාගාරය විවෘත කරනු ලැබීය. ඉන්දිය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී නව විද්‍යාගාරය නිරීක්‍ෂණය කරමින් සංඥා උපකරණ, තොරතුරු තාක්‍ෂණ පහසුකම් සහ අනෙකුත් උපාංග පරික්‍ෂාවට ලක් කළහ. නව තාක්‍ෂණික විද්‍යාගාරයේ උපදේශකවරුන් විසින් එහි කාර්යභාර්ය පිළිබඳ සංචාරක ඉන්දිය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී වෙත පැහැදිලි කළහ.

මේජර් ජෙනරාල් අජිත් විජේසිංහ විසින් ඉන්දිය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී පිළිගැනීමෙන් අනතුරුව, ඔහුගේ පැමිණි පිළිබඳ සිය කෘතඥතාව ප්‍රකාශ කළහ. එමෙන්ම ඉන්දිය යුද්ධ හමුදාධිපතිතුමන් ද සිය ස්තුතිය පුදකළහ. මෙම සංචාරය අවසානයේ සංකේතාත්මක සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය.

ඉන්පසුව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා සංඥා පුහුණු පාසලේ සියළුම නිලධාරින් සහ සෙසුනිලයන් සමඟ සංචාරක ඉන්දිය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී තුමන් සමුහ ඡායාරූපයකට ද පෙනී සිටියහ. තවද මෙම අවස්ථාව සංකේතවත් කරමින් එතුමන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා සංඥා පුහුණු පාසලේ විශේෂ අමුත්තන් සඳහා වූ පොතේහි සමරු සටහනක් ද තැබීය.

සංචාරක ඉන්දිය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී තුමන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා සංඥා පුහුණු පාසලේ නිලධාරින් සමඟ තේ පැන් සංග්‍රහයක් සඳහා ද එක්විය.

latest Running | First Look: Nike PG 5 PlayStation 5 White Pink Black BQ6472-500 Release Date - SBD