Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th May 2018 16:24:17 Hours

ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව මැලේසීයාවේ දී දර්ශනීය තොරණක් ඉදිකරයි

ශ්‍රී ලංකාව සහ මැලේසීයාව අතර පවතින අධ්‍යාත්මික සහ සංස්කෘතික බැදීම තවදුරටත් තහවුරු කරමින් මැලේසීයාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා ගේ මුලිකත්වයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු සේවා බලකාය විසින් ඉදිකරන ලද දර්ශනීය තොරණ මැලේසියා, ක්වාලා ලාම්පූර් බ්‍රික්ෆිල්ඩ් බෞද්ධ විහාරයේ දී සෙනසුරාදා (26) දින සිට ප්‍රදර්ශනය කරයි.

බ්‍රික්ෆිල්ඩ් බෞද්ධ විහාරයේ භික්ෂුන් වහන්සේලාගේ සහ මැලේසීයාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් අතිගරු ඒ.ජේ.එම් මුසාම්මිල් මහතාගේ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ මඟපෙන්විම යටතේ බුදුන් වහන්සේගේ ඉපදීම, බුදුවීම සහ පිරිනිවන්පෑම යන තෙමඟුල සිහිකරමින් ජාත්‍යන්තර වෙසක් දිනයට සමගාමිව මෙම වෙසක් තොරණ ඉදිකිරිම් කටයුතු යුද්ධ හමුදා ඉංජිනේරු සේවා බලකා සාමාජිකයින් විසින් සිදු කරන ලදි.

වසර 125 කට වැඩි ඉතිහාසයක් තිබෙන පූරාණ විහාරස්ථානවලින් එකක්වන බෞද්ධ මහා විහාරය සහ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය එක්ව මැයි මස 26 දින සිට ජුනි මස 1 දින දක්වා මැලේසීයා බ්‍රික්ෆිල්ඩ් බෞද්ධ මහා විහාර පරිශ්‍රයේ දී 2018 ජාත්‍යන්තර වෙසක් උත්සවය සමරන ලදි.

ශ්‍රී ලංකා රජය සහ මැලේසීයාව අතර තිබෙන වසර 60 ක රාජ්‍යත්‍රාන්තික සබඳතා තවත් ශක්තිමත් කරමින් උසින් අඩි 60 ක් ද පළලින් අඩි 50 ක් ද විදුලි බුබුලු 35,000 කින් සමන්විතව ඉදිකරන ලද මෙම වර්ණවත් තොරණෙහි ‘කුණ්ඩලකේෂි’ ජාතක කතාව විදහා දැක්වේ.

බෞද්ධ මහා විහාරයේ පැවැත්වෙන මෙම ජාත්‍යන්තර වෙසක් දින සැමරුම සඳහා බැතිමතුන් 100,000 කට ආසන්න පිරිසක් සහභාගී වීමට නියමිතය.

වර්ෂ 1999 දී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ජාත්‍යන්තර වෙසක් දිනය ප්‍රකාශයට පත් කරන ලදි.

තොරණ ඉදිකිරීමට අවශ්‍ය අමුද්‍රව්‍ය, උපකරණ සහ යකඩ ව්‍යුහයන් මැලේසීයා වෙත ගෙනයාමට අවශ්‍ය නාවික පහසුකම් මෙන්ම යුද්ධ හමුදා සාමාජිකයින් සඳහා අවශ්‍ය ගුවන් ටිකට් පත් සැපයීම සඳහා මැලේසීයාවේ පිහිටි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ අනුග්‍රහය ලැබිණි.

මේ ආකාරයෙන් මැලේසීයාවේ පැවති පළමු ව්‍යාපෘතිය මෙය වන අතර, සෙනසුරාදා (26) දින සිට ජූනි මස 1 වන දින දක්වා එම තොරණ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘතව පවතියි. සෙරන්ඩිබ් රෙස්ටුරන්ට් හි මහින්ද ජයසූරිය මහතා වැඩ කණ්ඩායමේ සාමාජිකයින් 17 දෙනාගේ ගමනාගමන කටයුතු සඳහා අනුග්‍රහය දැක් වූ අතරම, ශ්‍රී ලංකාවේ සිට තොරණ ප්‍රවාහනයට මෙන්ම මැලේසියාවේදී අවශ්‍ය කටයුතු සඳහා ද පහසුකම් සලසන ලදි.

මැලේසියාවේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා ඇතුලු රාජ්‍ය ආයතන ගණනාවක් මෙම කාර්ය සාර්ථක කර ගැනීම සඳහා ඔවුන්ගේ සහයෝගය ලබාදුන්හ.

දින 7 ක් පූරාවට මැලේසීයාවේ පැවැත්වෙන මෙම වෙසක් උත්සවයේ දී යුද්ධ හමුදා සංස්කෘතික කණ්ඩායමේ සාමාජිකයින් සිය සංස්කෘතික හා කලාත්මක හැකියාවන් ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙම වෙසක් තොරණ සෙනසුරාදා (26) දින මැලේසීයාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් අතිගරු ඒ.ජේ.එම් මුසාම්මිල් මහතා විසින් විවෘත කරනු ලැබීය.

ඉංජිනේරු සේවා බලකා කර්නල් සේනාවිධායක මෙන්ම අධ්‍යක්ෂ ජෙනරාල් ඉංජිනේරු සේවා මේජර් ජෙනරාල් ජගත් රත්නායක සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා තුර්ය වාදක හා රංගකලා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ෆරීස් යූසුෆ් ද යුද්ධ හමුදාව නියෝජනය කරමින් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

Nike sneakers | Hats to Match Jordans Hyper Royal Bulls Hat