Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

30th November 2017 16:27:23 Hours

ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් යුද්ධ හමුදා භට පිරිස් මාලි දේශයේ එක්සත් ජාතින්ගේ මෙහෙයුම් සඳහා සුදානම්

එක්සත් ජාතින්ගේ සංවිධානයට සාමය ස්ථාපිත කිරීම සඳහා භට පිරිස් ලබාදෙන රටක් වශයෙන් වර්තමානයේ දී ලෝක ප්‍රසිද්ධියට පත් වී ඇති ශ්‍රී ලංකා යුද්ධ හමුදාව තම ජාත්‍යන්තර කිර්තීය තවදුරටත් පතුරවමින් බටහිර අප්‍රිකාවේ ගොඩබිමෙන් වට වූ වාර්ගික අර්බුදයන්ගෙන් පීඩිත මාලි දේශයට, භට පිරිස් දෙසියකගෙන් යුතු සංග්‍රාමික රථ ආරක්ෂක කණ්ඩයක් (Combat Convoy Company) පිටත් කිරීම සඳහා සියලු කටයුතු සුදානම් කොට ඇත.

එසේ මාලි දේශය බලා පිටත්ව යන යුද්ධ හමුදා භට කණ්ඩය අද (30) දින පෙරවරුවේ දී පනාගොඩ පිහිටි ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මූලස්ථානයේ දී යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූලව සම්මාන ආචාර පෙළපාලියක් පිරිනමන ලද අතර, යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි සහ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් එම අවස්ථාවට සහභාගි විය.

මෙම වර්ෂයේ පසුගිය ජුලි මස දී ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක යුද්ධ හමුදාධිපති ධූරයට පත්විමත් සමඟ මාලි දේශයේ එක්සත් ජාතින්ගේ රාජකාරි කටයුතු වෙනුවෙන් ශ්‍රී ලංකා හමුදා භඨ පිරිසක් පිටත් කර හැරීම කඩිනම් කිරීමට සාකච්ඡා වාර ගණනාවක නිරත වූ අතර, එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා භට කණ්ඩායම්හි අනුයුක්ත ශ්‍රී ලංකා භඨ පිරිස් ප්‍රමාණය අනාගතයේදී සංඛ්‍යාත්මකව බලසේනාවක ප්‍රමාණය දක්වා ඉහළ නංවා ගැනිමට අවශ්‍ය කටයුතු ද යුද්ධ හමුදාධිපතිවරයා විසින් මේ වනවිට විමර්ශනය ලක් කොට ඇත.

මාලි දේශය බලා පිටත්වන ශ්‍රී ලංකා හමුදා භඨ කණ්ඩායමේ ආචාරය පිළිගත් ප්‍රධාන ආරාධිත අමුත්තා වන මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර ඉන් අනතුරුව මාලි එක්සත් ජාතින්ගේ ශ්‍රී ලංකා හමුදා භඨ කණ්ඩයේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් කළණ අමුණුපුර සමඟින් පෙළපාලිය පරික්ෂාවට ලක්කරන ලදි.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු, යුද්ධ හමුදා මාණ්ඩලික නිලධාරීන් කිහිපදෙනෙකු ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද සහභාගි වූහ.

මාලි දේශයේ සාමය ඇති කිරීමේ ප්‍රමුඛ අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් විශේෂිත වර්ගීකරණ යටතේ මෙම ශ්‍රි ලංකා භඨ පිරිස් කණ්ඩායම් වශයෙන් එහි පුමුඛතාවයන් හඳුනා ගනිමින් පිටත්ව යාමට නියමිත අතර, එක්සත් ජාතින්ගේ ප්‍රඥ්ප්තියේ 7 වන පරිච්ඡේදයේ සලසා ඇති නියමයන් අනුව එක්සත් ජාතින්ගේ සාමය බලාත්මක කිරිමේ හමුදා මෙහෙයුම් සඳහා මෙම භඨ පිරිස දෙසැම්බර් මස මුලදි අවුරුද්දක කාලසීමාවක් සඳහා මාලි දේශය බලා පිටත්ව යාමට නියමිත ඇත.

මෙම සංග්‍රාමික රථ ආරක්ෂක කණ්ඩයට රෙජිමේන්තු 10 ට අයත් සාමාජිකයින් 200 දෙනෙකු ගෙන් සමන්විත වන අතර, භඨ පිරිසෙහි අණදෙන නිළධාරි ලෙස ලුතිතන් කර්නල් කලණ අමුණුපුර හා දෙවන අණදෙන නිළධාරි ලෙස මේජර් හසන්ත හැන්නදි රාජකාරි ඉටුකරනු ඇත.

2013 අප්‍රේල් 25 දින ආරක්ෂක මණ්ඩල කවුන්සිලයේ 2100 වන යෝජනාව මගින් මාලි දේශයේ එක්සත් ජාතින්ගේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිභාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානය හෙවත් මිනුස්මා (MINUSMA) පිහිටවනු ලැබූ අතර, එරට දේශපාලන ක්‍රියාදාමය ශක්තිමත් කිරීමට අවශ්‍ය ආරක්ෂක හමුදා රාජකාරි කටයුතු සම්බන්ධව ක්‍රියාකරයි. මාලි දේශයේ සංක්‍රාන්ති ආණ්ඩු බලධාරින්ට රටෙහි ස්ථායිභාවය තහවුරු කරලීමෙහිලා ආධාර කිරීමටත් එක්සත් ජාතින්ගේ පශ්චාත් යුද සංක්‍රාන්ති ක්‍රියාදාමය ක්‍රියාත්මක කිරීමටත් එක්සත් ජාතින්ගේ මිනුස්මා සාම මෙහෙයුම් කමිටු ස්ථාපනය කරන ලදි.

ශ්‍රී ලංකා පාබල හමුදා සාමාජිකයින් වැඩි පිරිසකගෙන් සමන්විත මෙම එක්සත් ජාතින්ගේ සාම හමුදා භඨ කණ්ඩයට ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකාය, ශ්‍රී ලංකා ඉංජිනේරු බළකාය, ශ්‍රී ලංකා සංඥා බළකාය, යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව, ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බළකාය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බළකාය, ශ්‍රි ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බළකාය, ඉංජිනේරු සේවා බළකාය සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ නියෝජිතයින් සහ 1 වන කාණ්ඩයේ රෝහලක් සමගින් නිළධාරින් 16 ක් හා සෙසුනිළයින් 184 ක භඨ පිරිසකින් සමන්විත වනු ඇත.

එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ පරිච්ඡේද 6 හරහා ලබාදී ඇති ඉඩ ප්‍රස්ථා අනුව එක්සත් ජාතින්ගේ සාම සාධක මෙහෙයුම් සඳහා පිටත්කර හරින ලද ශ්‍රි ලංකා යුද්ධ හමුදාවේ පලමු භඨ පිරිස 2004 ඔක්තෝබර් 22 දින හයිටි දේශයේ සාම සාධක රාජකාරි සඳහා පිටත්ව ගිය අතර ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු භඨ පිරිස් එම කණ්ඩායමට ඇතුලත් විය. එසේ වුවද, මීට ප්‍රථම ශ්‍රි ලංකා යුද්ධ හමුදාව එක්සත් ජාතීන්ගේ සේවය සඳහා තනි පුද්ගල වශයෙන් ලබාදී ඇත.

වත්මන් යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි සහ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති එවකට කර්නල්වරයෙකු වශයෙන් එසේ හයිටි දේශය බලා පිටත් වූ එක්සත් ජාතින්ගේ හමුදා ශ්‍රි ලංකා බළඇණියේ අණදෙන නිළධාරි වශයෙන් කටයුතු කල අතර, අද දින මාලි දේශය බලා පිටත්ව යාමට නියමිත ශ්‍රි ලංකා හමුදා භඨ කණ්ඩයේ අණදෙන නිළධාරිවරයා එවකට ඛණ්ඩභාර නිලධාරියෙකු වශයෙන් හයිටි බලා පිටත් වූ එම ප්‍රථම ශ්‍රි ලාංකීය හමුදා බලඇණියේ කපිතන්වරයෙකු වශයෙන් රාජකාරින් ඉටුකරන ලදි.

ශ්‍රි ලංකා යුද්ධ හමුදා සාමාජිකයින් 19,000 කට අධික සංඛ්‍යාවක් මේ දක්වා යුධ නිරික්ෂකයින් (156), මාණ්ඩලික නිලධාරින් (150) හා මාණ්ඩලික නිළධාරි සහායකයින් (04) ඇතුළුව සාම සාධක මෙහෙයුම් සඳහා දායකත්වය ලබාදි ඇත.

1955 දී ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය ලැබීමෙන් අනතුරුව අප්‍රිකානු මහාද්වීපයේ කොන්ගෝ ප්‍රජාතාන්ත්‍රවාදී ජනරජයේ 1960 ආරම්භ වී 1962 අවසන් වූ එක්සත් ජාතීන්ගේ මෙහෙයුම් සඳහා දකුණු අප්‍රිකාව දක්වා පිටත් කරන ලද හමුදාව අතර, යුද්ධ හමුදා සාමාජිකයින් සුළු පිරිසක් සේවය කර තිබේ.

වර්තමානයේදී ශ්‍රි ලංකා භඨ පිරිස් ලෝකයේ විවිධ ප්‍රදේශ වල එක්සත් ජාතින්ගේ සාම සාධක රාජකාරින්හි නිරත ව සිටින අතර, එක්සත් ජාතින්ගේ අන්තර් හමුදාවේ නිලධාරින් 10 ක් හා සෙසුනිළයින් 140 ක්ද, දකුණු සුඩානයේ එක්සත් ජාතින්ගේ හමුදාවේ නිලධාරින් 16 ක් හා සෙසුනිළයින් 50 ක්ද, (දකුණු සුඩානයේ 2 වන කාණ්ඩයේ රෝහලේ සේවය කරන පිරිස සමගින්) එක්සත් ජාතින්ගේ මාලි දේශයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිභාවය ඇති කිරිමේ මෙහෙයුමේ නිලධාරින් 02 ක් හා සෙසුනිළයින් 63 ක්ද වශයෙන් එම පිරිසට අයත් වේ.

මීට අමතරව, එක්සත් ජාතින්ගේ බටහිර සහරා හමුදා මෙහෙයුමේ ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා නිලධාරින් 02 ක් ඇතුළුව නිලධාරින් 18 දෙනෙකුද, කොන්ගෝ දේශයේ එක්සත් ජාතින්ගේ මෙහෙයුමේ, දකුණු සුඩානයේ සහ මධ්‍යම අප්‍රිකානු ජනරජයේ මෙම නිලධාරින් හමුදා නිරික්ෂකයින් වශයෙන් රාජකාරි කරනු ලබයි. එසේම ලෙබනන්, අබේ, නිව්යෝක්, දකුණු සුඩානයේ, මධ්‍යම අප්‍රිකාවේ, මාලි දේශයේ සහ බටහිර සහාරාවේ යුද්ධ හමුදා නිලධාරින් 26 දෙනෙකු එක්සත් ජාතින්ගේ මාණ්ඩලික නිලධාරින් වශයෙන් රාජකාරි කටයුතු ඉටුකරනු ලබයි.

එක්සත් ජාතින්ගේ සාම සාධක මෙහෙයුම් සඳහා හමුදා භඨපිරිස් වැඩි සංඛ්‍යාවක් ලබාදෙන රටවල් වලින් එකක් ලෙස වර්තමානයේදී ශ්‍රි ලංකාව සැලකේ. එක්සත් ජාතින්ගේ ශ්‍රී ලංකා සාම සාධක හමුදා සාමාජිකයින් වූ ලාන්ස් කෝප්‍රල් ජේ.බි.ඒ.ජේ. ජයසිංහ (2005), ලාන්ස් කෝප්‍රල් එච්.එම්. විජේසිංහ (2005) සහ ලාන්ස් කෝප්‍රල් ඒ. ජයන්ත (2007) ඔවුන්ගේ ජාත්‍යන්තර සාම සාධක මෙහෙයුම් ඉටුකරමින් සිටියදී දිවි පිදූ අතර, එක්සත් ජාතින්ගේ ඩැග් හැමර්ෂල් පදක්කම ඔවුනට ගෞරව වශයෙන් හිමි ගන්වා ඇත.

ශ්‍රී ලංකාව අද වන විට එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් සඳහා වන විශේෂ කමිටුවේ සාමාජිකයින් වශයෙන් ත්‍රිවිධ හමුදා සහ පොලිස් භඨපිරිස් ලබාදෙමින් සක්‍රීය දායකත්වයක් ඉටුකරයි.

Running Sneakers Store | Nike Shoes