Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

22nd April 2019 10:42:34 Hours

ඉඩයිකුරච්චි සුබ්‍රමනියම් විද්‍යාලයේ ක්‍රීඩාපිටියට ප්‍රතිසංස්කරණය කරයි

වරණි ප්‍රදේශයේ සංචාරයක නිරත විදේශිකයෙකුගේ අනුග්‍රහකත්වයෙන් යාපනය, ඉඩයිකුරච්චි සුබ්‍රමනියම් විද්‍යාලයේ ක්‍රීඩාපිටිය යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ප්‍රතිසංස්කරණය කර පසුගිය බදාදා (17) දින පැවැති උත්සවයකදී විද්‍යාලයේ සිසුන් වෙත පවරාදෙන ලදී.

වරණි, ඉඩයිකුරච්චි සුබ්‍රමනියම් විද්‍යාලයේ පරිපාලන මණ්ඩලය විසින් සිදුකරන ලද අලුත්වැඩියාවන් සඳහා අවශ්‍ය මූල්‍යාධාර ලබාදීම සඳහා යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ හිතවතෙකු වන එක්සත් රාජධානියේ පදිංචි තම්බු සෙල්වා කුමාර් මහතා ඉදිරිපත් විය. ඒ අනුව, 551 වන බලසේනාවේ බලසේනාධිපති ගේ උපදෙස් මත ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා එම බලසේනාව යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ගේ තාක්‍ෂණික දැනුම සහ ශ්‍රමදායකත්වය යොදාගනු ලැබීය. ප්‍රතිසංස්කරණය කරන ලද ක්‍රීඩාපිටිය නැවත විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාගවන් මහතා සහභාගි විය. අණ්ඩුකාර තුමන් විද්‍යාලයේ සිසුන් කණ්ඩායමක් සමඟ එක්ව සංකේතාත්මකව පීත්ත පටිය කපා පොල්තෙල් පහන දැල්වීමෙන් අනතුරුව නව පරිශ්‍රයේ නිරීක්‍ෂණ සංචාරයක නිරත විය. එම අවස්ථාවේදී මෙම වැඩසටහන සඳහා සහයෝගය ලබාදීම පිළිබඳ සියලුදෙනා ප්‍රශංසාවට ලක් කළහ. ප්‍රතිසංස්කරණය කරන ලද ක්‍රීඩාපිටියේ සමරුඵලකය නිරාවරණය කර සංකේතාත්මකව එය සිසුන් වෙත පවරාදෙන ලදී. Nike Sneakers Store | nike air jordan lebron 11 blue eyes black people