Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

21st December 2016 10:00:32 Hours

ඉංග්‍රීසි දැනුම වර්ධනයට පාඨමාලාවක්

යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය මගින් පවත්වනු ලැබූ ඉංග්‍රීසි පාඨමාලාව අංක 5 සාර්ථකව හැදෑරූ නීලධාරීන් හට සහතික පත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවය සඳුදා (19) දින එම මූලස්ථාන ශ්‍රවනාගාරයේ දී පවත්වනු ලැබීය.

යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානයක ගේ මඟපෙන්වීම යටතේ මෙම පාඨමාළාව පැවැත් වූ අතර, සහතික පත් ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ද ආඥාපතිතුමා සහභාගි විය.

සැප්තැම්බර් මස 9 වන දින සිට දෙසැම්බර් මස 19 වන දින දක්වා පැවති මෙම පාඨමාළාවේ දී ඉංග්‍රිසී භාෂාවේ ශ්‍රවණය, කථනය, කියවීම සහ ලිවීම පිළිබඳව දැනුම ලබා දෙනු ලැබීය.

ත්‍යාග ප්‍රදානෝතසවය අතරතුරදී ශිෂ්‍ය නිලධාරීන් විසින් ඔවුන්ගේ ඉංග්‍රීසි භාෂාවේ නිපුණත්වය පිලිබඳව කෙටි සංදර්ශණයක් ද ඉදිරිපත් කරනු ලැබීය.

යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරීන්, අණ දෙන නිලධාරීන්, ඉංග්‍රීසි උපදේශක ලුතිතන් අරුණි පතිරාජ සහ බාහිර දේශක ශ්‍රීදර් මහතා ද මෙම අවස්ථාව සදහා එක්ව සිටියහ.

Best Nike Sneakers | Women's Nike Air Force 1 Shadow trainers - Latest Releases , Ietp