Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

ආසේමු මධ්‍යම භට පිරිස් ලේ දන්දීමේ වැඩසටහනක

ලෝක හදවත් දිනයට සමගාමිව දියතලාව ආයුර්වේද මහා රෝහල සහ ඌව පලාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව එක්ව පසුගිය බදාදා (05) දින පවත්වන ලද ලේ දන්දීමේ වැඩසටහන සඳහා මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් පි.යු.එස්. විතානගේ ගේ මඟපෙන්වීම යටතේ මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථාන භට පිරිස් ද සහභාගි වන ලදි.

දියතලාව ආයුර්වේද මහා රෝහලේ අධ්‍යක්ෂක විසින් කරන ලද ඉල්ලීමකට අනුව මෙම ලේ දන්දීමේ වැඩසටහන සඳහා ස්වේච්ඡාවෙන්ම සෙබලුන් 50 කට වැඩි පිරිසක් සහභාගි වූහ.

මෙම රෝහලේ අධ්‍යක්ෂ ඇතුලු කාර්ය මණ්ඩලය විසින් මධ්‍යම සෙබලුන්ගේ උදාරත්වය පිළිබඳ සිය කෘතඥතාවය ද පල කළහ.

latest Running Sneakers | youth nike kd low tops orange , Nike Air Max , Iicf