Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

ආසියානු මළල ක්‍රීඩා ශුරතාවලියේ දී යුද්ධ හමුදා ක්‍රීඩිකා දිල්හානි ලේකම්ගේට රිදී පදක්කමක්

ඉන්දියාවේ, බුබානේස්වර්හි දී පැවැත්වෙන 22 වන ආසියානු මළල ක්‍රීඩා ශුරතාවලිය සඳහා සහභාගිවි සිටින 4 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය (SLAWC) නියෝජනය කරන, හෙල්ල විසි කිරිමේ ක්‍රීඩිකා කාන්තා සෙබළ එච්.එල්.එන්.ඩි. ලේකම්ගේ විසින් සිකුරාදා (07) දින පැවති (කාන්තා) හෙල්ල විසි කිරීමේ ඉසව්වේන් දෙවන ස්ථානය හිමිකර ගනිමින් රිදී පදක්කමක් දිනා ගනු ලැබීය.

මෙහිදි මීටර් 58.11 ක දුරක් හෙල්ලය විසි කරමින් ඇය තමන්ගේ හොඳම දක්ෂතාවය වාර්තා කරන ලදී.

මෙම 22 වන ආසියානු මළල ක්‍රීඩා ශුරතාවලිය ජවන හා පිටිය ක්‍රීඩා තරඟ 42 කින් සමන්විත වන අතර, පිරිමි ක්‍රීඩා ඉසව් 21 සහ කාන්තා ක්‍රීඩා ඉසව් 21 කින් යුක්ත වේ.

Running sport media | Nike Dunk Low Disrupt Pale Ivory - Grailify