Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

14th November 2018 13:09:10 Hours

ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ නිලධාරීන් හට ‘නිරෝගීමත් හමුදාවක් නිරෝගීමත් දැයක්’ පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක්

සපුගස්කන්ද ආරක්‍ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක මේජර් ජෙනරාල් ජේ.ආර්. කුලතුංග ගේ ඉල්ලීමකට අනුව, යුද්ධ හමුදා රෝහල මගින් පවත්වනු ලබන ‘නිරෝගීමත් හමුදාවක් නිරෝගීමත් දැයක්’ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනේ තවත් එක් අදියරක් අඟහරුවාදා (13) දින ආරක්‍ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාල ශ්‍රවණාගාරයේදි පවත්වනු ලැබීය.

මෙම වැඩමුළුව ‘ බෝ නොවන රෝග හා බෝ නොවන රෝග සඳහා ගොදුරුවීම වැලක්වීම, මානසික මෙවලම් භාවිතයෙන් මානසික ආතතිය පාලනය කිරීම හා පෝෂණය’ යන තේමාව ඔස්සේ පවත්වනු ලැබීය.

‘නිරෝගීමත් හමුදාවක් - නිරෝගීමත් දැයක්’ ව්‍යාපෘතියේ නිර්දේශයන්ට අනුකූලව සෞඛ්‍යාරක්‍ෂිත ආහාරවේලක් පිලියෙල කිරීමේ ක්‍රමෝපායන්, නිවැරදි පෝෂ්‍යදායි ආහාරවේලක් සකසා ගැනීම, දියවැඩියාව හා බෝ නොවන රෝග සම්බන්ධව අඟහරුවාදා (13) දින පැවැති වැඩමුළුවේ දී සාකච්ඡාවට බඳුන්විය.

‘නිරෝගීමත් හමුදාවක් - නිරෝගීමත් දැයක්’ ව්‍යාපෘතියේ ප්‍රධානී වෛද්‍ය බ්‍රිගේඩියර් ඒ.එස්.එම්. විජේවර්ධන, ප්‍රවීන උපදේශක වෛද්‍ය ලුතිනන් කර්නල් එම්.ඒ.එස්. කූරේ, මනෝචිකිත්සක වෛද්‍ය රවිමල් ගලප්පත්ති සහ ලුතිනන් කර්නල් ඒ.සි.කේ. උඩුගම යන පෝෂණවේදීන් විසින් බෝ නොවන රෝග සහ ඇතිවන සංකූලතා පිළිබඳව දීර්ඝ ලෙස මෙහිදි සාකච්ඡා කරනු ලැබීය.

මෙම ව්‍යාපෘතියේ ප්‍රධානී වෛද්‍ය බ්‍රිගේඩියර් ඒ.එස්.එම්. විජේවර්ධන විසින් සමාරම්භක සැසිය තුල මෙවැනි වැඩසටහන් සංවිධානය කිරීමේ වැදගත්කම පිළිබඳ වැඩිදුරටත් අවධාරණය කරනු ලැබීය. Asics footwear | Air Max