Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

ආරක්ෂක සේනා මූලස්ථානය යාපනයෙහි පැවති 20 - 20 ක්‍රිකට් තරගාවලියේ ජය 12 වන විජයබාහු පාබල රෙජිමේන්තුවට

යාපනය ආරක්ෂක සේනා මුලස්ථානයේ මුලික්තවයෙන් 551 බළසේනාව වෙතින් පලාලි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී සංවිධානය කරන ලද 20 - 20 සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලිය - 12 වන විජයබාහු පාබල රෙජිමේන්තු ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ දක්ෂතාවයෙන් දිනා ගන්නා ලදි.

අවසන් තරගය පලාලි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී 2017 දෙසැම්බර් මස 26 දින පවත්වන ලද අතර එය නැරඹීමට යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශණ හෙට්ටිආරච්චි ඇතුළු සම්භාවනීය අමුත්තන් හා ක්‍රිකට් ලෝලීන් විශාල සංඛ්‍යාවක් පැමිණ සිටියහ.

යාපනය ආරක්ෂක සේනා මූලස්ථාන බළප්‍රදේශයේ ස්ථාපිත සියළුම බළඇණි වෙතින් ක්‍රිකට් කණ්ඩායම් 51 තරගාවලියේදී කරට කර තරග වැදුණු අතර, 12 වන විජයබාහු පාබල රෙජිමේන්තුව සහ 19 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව අවසන් තරගය සඳහා සුදුසුකම් ලැබූහ. තරගය අතරතුර 12 වන විජයබාහු පාබල රෙජිමේන්තුව කඩුලු හතරක් අතැතිව ජයග්‍රහණය තහවුරු කරගන්නා ලදි. ත්‍යාග ප්‍රදානෝත්සයේදී කණ්ඩායම් දෙකටම ත්‍යාග සහ සහතික පත්‍ර ප්‍රදානය කරන ලදි.

ත්‍යාග ප්‍රදානෝත්සවය අවසන්වීමට ප්‍රථම තරග විනිශ්චය සඳහා සහයෝගය ලබාදුන් පේදුරුතුඩුවේ විනිසුරුවන් වෙත යාපනය ආරක්ෂක සේනා ආඥාපති විසින් සිහිවටන ලබාදෙන ලදි.

මේ අවස්ථාවට යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් සියළුම සේනාංකාධිපතිවරු, බළසේනාධිපතිවරු සහ මාන්ඩලික නිළධාරින් සහභාගි වූහ.

Authentic Sneakers | Upcoming 2021 Nike Dunk Release Dates - Iebem-morelos