Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

05th September 2017 22:36:25 Hours

ආරක්ෂක මුලස්ථානයේ ඉදිකිරීම් ව්‍යාපෘතියේ ප්‍රගතිය අතිගරු ජනාධිපතිතුමන් නිරීක්ෂණය කරයි

සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා බත්තරමුල්ල, අකුරේගොඩ නවතමයෙන් ඉදිකරමින් පවතින ආරක්ෂක මුලස්ථාන ගොඩනැගිලි සංකීර්ණයේ (DHQC) ඉදිකිරීම් කටයුතු වල ප්‍රගතිය සොයාබැලීම සඳහා ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සමඟින් අඟහරුවාදා (05) දින අධීක්ෂණ සංචාරයක නිරත විය.

ආරක්ෂක මුලස්ථාන ගොඩනැගිලි සංකීර්ණය තුල ත්‍රිවිධ හමුදා මුලස්ථානයන් හී විවිධ ශාඛාවන් වෙන් වෙන් වශයෙන් ඉදිවන ආකාරය ඉතා හොඳින් නිරීක්ෂණය කල අතිගරු ජනාධිපතිතුමන් මෙම ඉදිකිරීම සඳහා භාවිතා කරන නවීන තාක්ෂණික ක්‍රම පිළිබඳව ඉදිකිරීම් කටයුතු වල නිරතව සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සමඟ අදහස් හුවමාරු කරගත්හ.

සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපතිතුමන් විසින් නව යුද්ධ හමුදා මුලස්ථානයේ ඉදිකිරීම් කඩිනමින් නිම කිරීමේ හැකියාවන් පිළිබඳව සොයා බලන ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක වෙත උපදෙස් ලබාදුන් අතර, ඉදිකිරීම් කටයුතු පිළිබඳව ගැටළු කඩිනමින් සාකච්ඡා මාර්ගයෙන් ඉටු කරගැනීමේ අවශ්‍යතාවයත් පෙන්වා දුන්හ.

ආරක්ෂක මුලස්ථාන ගොඩනැගිලි සංකීර්ණ ව්‍යාපෘතී කළමනාකරණ එකකයේ ජ්‍යෙෂ්ඨ යුද්ධ හමුදා නියෝජිතයකු විසින් ව්‍යාපෘතීයේ ප්‍රගතිය පිලිබඳව සවිස්තරාත්මක පැහැදිලි කිරිමක් අතිගරු ජනාධිපතිතුමන් ඇතුළු පිරිස හමුවේ ඉදිරිපත් කරන ලදී.

Sports brands | balerínky