Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

10th May 2017 16:10:54 Hours

ආබාධිත රණවිරුවන් වෙත ‘සත්විරු උරුමය’ සහතිකපත් ප්‍රදානය කෙරේ

මේ වනවිට ක්‍රියාත්මක ජාතික රණවිරු මාසය තව තවත් අර්ථවත් කරමින් රණවිරුවන්ගේ අසමසම අනුපමේය සේවය අගයකරනු වස් ආබාධිත ත්‍රිවිධ හමුදා රණවිරුවන් 600 දෙනෙකු වෙනුවෙන් ‘සත්විරු උරුමය’ සහතිකපත් ප්‍රදානය සන්නද්ධ හමුදාවන්හි සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බදාදා (10) දින බත්තරමුල්ල, ‘අපේ ගම’ පරිශ්‍රයේදී සිදුකරනු ලැබීය.

මෙම සහතිකපත්‍රයට අමතරව ආරක්ෂක අමාත්‍යාංශය විසින් රණවිරුවන්ගේ වීරත්වය සහ කැපවීම අගයමින් මේ වනවිට අර්ධ වශයෙන් ඉදිකළ නිවාස 301 ක් සම්පූර්ණ කිරීම, නව නිවාස 62 ක් ඉදිකිරීම මෙන්ම යුද්ධ හමුදා සාමාජිකයින් සහ ඔවුන්ගේ දරුවන් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම වැනි වැඩසටහන් ක්‍රියාත්මක කරමින් පවතී.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි අතිගරු ජනාධිපතිතුමා පිළිගැනීම සඳහා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු රුවන් විජේවර්ධන මැතිතුමා සමඟින් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා, රණවිරු සේවා අධිකාරියේ සභාපතිනී අනෝමා ෆොන්සේකා මැතිණිය, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාධිපතිවරුන්, පොලිස්පති සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ද එක්ව සිටියහ.

සම්ප්‍රදායික පොල්තෙල් පහන දැල්වීම, ජාතික ගීය සහ ආරක්ෂක අමාත්‍යාංශ ගීය ගායනා කිරීම සහ විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පැවැත්වීමෙන් අනතුරුව ආරක්ෂක ලේකම් විසින් පිළිගැනීමේ කතාව සිදුකරන ලදි. ඉන්පසු, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු රුවන් විජේවර්ධන මැතිතුමා විසින් සභාව අමතනු ලැබීය.

අතිගරු ජනාධිපතිතුමා රැස්ව සිටි පිරිස අමතමින් මියගිය රණවිරුවන් ඇතුලු සියලුම රණවිරුවන් සිහිකරමින් ඔවුන් හට සිය ගෞරවය පුදකළ අතර, ආබාධිත රණවිරුවන් මව්බිමේ ඒකීයභාවය රැකගැනීම වෙනුවෙන් තම අත් පා පුදකරමින් සිදුකළ උදාර සේවය අගය කරමින් ඔවුන් වෙනුවෙන් ඉටුකළ හැකි සෑම කටයුත්තක්ම සිදුකරන බවට සහතික විය. එමෙන්ම, ආරක්ෂක හමුදාවන් සහ සිවිල් සමාජය අතර සංහිඳියාව වර්ධනය කිරිමේ අරමුණින් ක්‍රියාත්මක වැඩසටහන් පිළිබඳවද මෙහිදී අවධාරණය කළ අතර, රට තුළ බෞද්ධාගමට ඇති පිළිගැනීම හීනවන බවට පැතිර යන අසත්‍ය ප්‍රචාර විශ්වාස නොකරන ලෙස ද වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියහ. තවද, රටේ සංහිඳියාව සහ ජාතීන් අතර එකමුතුභාවය වර්ධනය කිරීමට කටයුතු කරන රණවිරුවන් ඇගයීම ද මෙහිදි සිදුකළහ.

අනතුරුව ජනාධිපතිතුමා හට සත්විරු උරුමය සහතිකපත් ප්‍රදානය සඳහා ආරාධනා කරනු ලැබීය.

මෙම උත්සවය අවසානයේ දී ආබාධිත රණවිරුවන් සහ මියගිය රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන් වෙනුවෙන් එක් ආබාධිත රණවිරුවෙකු විසින් ආරක්ෂක අමාත්‍යාංශය විසින් සිදුකරනු ලබන සුබසාධන වැඩසටහන් සම්බන්ධයෙන් සිය ස්තුතිය පුද කළහ.

Nike Sneakers | adidas Yeezy Boost 350