Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

30th April 2018 14:24:04 Hours

ආබාධිත රණවිරුවන් ගම්පහ දී ‘වෙසක් බැති ගී’ ගායනයක

ගම්පහ සියනෑවේ අපි සංවිධානය ගම්පහ, ඔරුතොට ‘එක්සත් මිතුරු හවුල’ සමඟ එක්ව අප්‍රේල් මස 29 දින සිට මැයි මස 01 දින දක්වා සංවිධානය කරනු ලබන ‘සඳහම් වෙසක් කලාපයේ’ දී යුද්ධ හමුදාවේ ආබාධිත රණවිරුවන් 11 දෙනෙකු සිය සෞන්දර්ය කුසලතාවයන් සඳහා ප්‍රමුඛත්වයක් දෙමින් විශේෂ බැති ගී ප්‍රසංගයකට එක්ව සිටියහ.

‘සියනෑවේ අපි’ සංවිධානයේ අනුග්‍රහය ඇතිව පසුගියදා විවාහ ගිවසගත් ක්‍රියාන්විතයේ දී තුවාල ලබා ආබාධිත තත්ත්වයට පත් රණවිරුවන් දසදෙනා මව්බිම වෙනුවෙන් සිදු කල අනූපමේය සේවය ඇගයීමට සහ ඔවුන්ගේ දක්ෂතා එළිදැක්වීමට මෙම විශේෂ බැති ගී ප්‍රසංගය සඳහා ආරාධනා කරන ලදී.

බුදුරජාණන් වහන්සේගේ ඉපදීම, බුදුවීම සහ පිරිනිවන්පෑම සිහිපත් කරමින් පවත්වනු ලබන ඔරුතොට ‘සඳහම් වෙසක් කලාපයේ’ සඳුදා (30) දින සන්ධ්‍යාවේ පැවැති බැති ගී ප්‍රසංගය සඳහා විජයබාහු පාබල රෙජිමේන්තුවේ ජනප්‍රිය ආබාධිත ගායක කෝප්‍රල් චරිත් කුලතිලක සමඟ ආබාධිත රණවිරුවන් දසදෙනා ද එක්ව සිටියහ.

විශේෂ ආරාධිත අමුත්තන්ගේ සම්ප්‍රාප්තියට ප්‍රථම, ආබාධිත රණවිරුවන් සහ ඔවුන්ගේ බිරින්දෑවරුන් එක්ව බුද්ධ ධර්මයේ ආශ්චර්යය සහ වැදගත්කම පිළිබිඹු කරමින් සංගිත වාදනයක් ඉදිරිපත් කළහ.

මෙම ව්‍යාපෘතියේ සංවිධායකයින් විසින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක වෙත ලිපියක් යොමුකරමින් මෙම වැඩසටහන සඳහා ආබාධිත රණවිරුවන් සහභාගි කරවා ගැනීමට අවසර ඉල්ලීමෙන් අනතුරුව යුද්ධ හමුදාධිපතිතුමන්ගේ අශීර්වාද මේ සඳහා ලබාදුන්හ. එමෙන්ම, පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් තිරුනාකරසු ගම්පහ ප්‍රදේශයේ මෙම වැඩසටහනේ සංවිධායකයින් සමඟ සමීප සම්බන්ධතාවයෙන් කටයුතු කළහ.

best Running shoes brand | 【国内4月24日発売予定】ナイキ ウィメンズ エア アクア リフト 全2色 - スニーカーウォーズ